(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා මර්දන කෙටි චිත්‍රපටිය නරඹන අතරේ පෙම්වතියගේ යයි සිතා ඇගේ මවගේ කකුල පාගා අලි ජංජාලයක් වූ පුවතක් දුෂ්කර ගමකින් වාර්තා වේ.

කොරෝනා ආක්‍රමණය නොවුණු අති දුෂ්කර ගමකි. කොරෝනාවලට එරෙහිව තවදුරටත් වැට බැඳීමට ගමේ විහාරස්ථානයේ නායක හිමියන් ඇතුළු තරුණ පිරිසට අවශ්‍ය විය. මේ නිසාම ඔවුහු කොරෝනා මර්දන කෙටි චිත්‍රපටියක් ගමේ විහාරස්ථානයේ එළිමහනේ පෙන්වීමට කටයුතු කළහ. ඒ සෞඛ්‍ය අංශවල නිර්දේශ ලබාගෙනය.
කොරෝනා නිසා කාලයකින් ගමේ සිටින සිය පෙම්වතිය හමුවීමට බැරිව සිටි පෙම්වතෙකුට චිත්‍රපටිය නරඹන්නට එන ලෙස සිය පෙම්වතියට එස්.එම්.එස්. පණිවිඩයක් යැව්වේය. එම පණිවිඩය සක්‍රීය විය.
කොරෝනා මර්දන කෙටි චිත්‍රපටිය පෙන්වන දිනය උදාවිය. එය රාත්‍රියේ පෙන්වීමට සංවිධායකයෝ කටයුතු කළහ.
රෑ බෝ වනවිට ගමේ බොහෝ දෙනෙක් චිත්‍රපටිය නැරඹීමට පන්සලට පැමිණියහ. පෙම්වතා දැනුම්දුන් පරිදි පෙම්වතිය සිටියේ සෙනග මැද සිය මව සමඟය. ඇයත් පෙම්වතාත් සිටියේ එක පැත්තේය. තරුණයාගේ බැල්ම හොඳ නැති නිසාම සිය දියණිය සිටි පැත්ත වෙනස් කිරීමට ඇගේ අම්මා කටයුතු කළාය. ඒ ඇයගේ බලවත් විරෝධය මධ්‍යයේය.
කොරෝනා නිසා චීනයේ මිනිසුන් මහ පාරේදීම මැරී වැටෙන අයුරු චිත්‍රපටියේ පෙන්වමින් සිටියේය. කාගේත් ඇස් තිබුණේ ඒ දෙසටය. පෙම්වතාගේද ඇස් තිබුණේ ඒ දෙසටය. නමුත් ඔහු එක් කකුලක් දිගු කළේ සිය පෙම්වතිය කලින් සිටි පැත්තටය. ඒ ඇයගේ කකුල උඩට සිය කකුල තබා ගැනීමටය.
මොකද ළමයෝ මේ කරන්නේ, මට ඔය ළමයටත් වඩා වැඩිමහල් පුතෙක් ඉන්නවා යයි පෙම්වතියගේ මව කීවේ ඔහුගේ ඉහමොළ රත් කරවමිනි. වැඩේ වැරදුණු බව තේරුණු ඔහු එතැනින් හෙමිහිට ලිස්සා ගියේ ‘ලව් ඉලව්’ වන බව පවසමිනි.
පසුදා ඔහුගේ පෙම්වතිය සිය මිතුරියන් පිරිසක් හමුවූ අවස්ථාවේදී කොරෝනා මර්දන කෙටි චිත්‍රපටිය නැරඹීමට ගිය අවස්ථාවේදී පෙම්වතාට වූ මේ ඇබැද්දිය කීවේ බඩ අල්ලාගෙන සිනාසෙමිනි.
2025 දෙසැම්බර් මස 04
673
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
550
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නොමිලේ චිත්‍රපටය නරඹද්දී පෙම්වතියගේ කකුල වෙනුවට අම්මගෙ කකුල පාගලා