IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නෑනාට ජම්බු කවන්නගිහින් මඟුලත් කම්මුතු කරගෙන

තම එකම නෑනණ්ඩියට ජම්බු කවන්නට ගොස් තීන්දු වූ මඟුලක් කම්මුතු කර ගත් මනමාලයකු පිළිබඳ පුවතකි.


සිද්ධිය මෙසේය.


ඔහු රජයේ රැකියාවක නිරත වූවෙකි. පවුලේ එකම පිරිමි දරුවා වූයෙන් හැදුණේ වැඩුණේ කිසිදු බරක් පතළක් නැතිවය.


නිසි වයස එළැඹීම නිසා ඔහුට විවාහයක් කරදීමට තීන්දු කළ මවුපියන් කටයුත්තක් ගමේ කපු මහතාට බාර කළේ ගැළපෙන තැනකින් තම පුතුට සහකාරියක් සොයා දෙන්නැයි ඉල්ලීමක් ද කරමිනි.


ඒ අනුව යමක් කමක් ඇති පවුලක සිටි එකම ගැහැනු දරුවා තරුණයාට විවාහ කරදීමට එකඟ කරගත් කපු මහතා ඇය බැලීමට යෑම සඳහා දිනයක් තීන්දු කරගත්තේ තරුණියගේ මවුපියන් කළ දැනුම් දීමකට අනුවය.


තරුණයාගේ මව පියා හැරුණ විට කපු මහතාත් තරුණයාගේ ඇවැස්ස නෑනා කෙනකු ඇතුළු තවත් කීප දෙනකුත් ගමනට පිටත් වූවේ කුලියට ගත් වෑන් රථයකින්ය.


තම අනාගත බෑනණ්ඩිය ඇතුළු පවුලේ ඥාති හිතමිත්‍රාදීන් සාදරයෙන් පිළිගත් මනාලියගේ පාර්ශ්වයේ ඇත්තන් ඔවුන්ට තේ පැන් සංග්‍රහයක් පිළිගැන්වූවේ දිවා ආහාරය සූදානම් වන තෙක්ය.


තේ පැන් සංග්‍රහය භුක්ති විඳීමෙන් අනතුරුව පිරිසක් සතුටු සාමීචියේ නිරත වෙද්දී මනමාල තරුණයා ඔහුත් සමග පැමිණි ඔහුගේම නෑනණ්ඩියත් සමග නිවෙස ඉදිරිපස වූ ජම්බු ගසේ ජම්බු කඩමින් උකුළු මුකුළු කරන්නට පටන් ගත්තේ බලන්නට පැමිණි අනාගත සහකාරිය පවා අමතක කරමින්ය.


තම අනාගත සැමියා සීමාව ඉක්මවමින් තමන් ඉදිරියේම මෙලෙස අන් යුවතියක් සමග උකුළු මුකුළු පෑම බලා සිටි යුවතියට පමණක් නොව ඇයගේ මව පියා ඇතුළු සහෝදර සහෝදරියන්ට ද එය නාඩගමක් ලෙස දැනෙන්නට එතරම් වේලාවක් ගත වූවේ නැත.


නිවෙසට පැමිණි තිරිසනකුට වුවද හිත නොරිදෙන අයුරින් සලකන්නට පුරුදු වී සිටි නිවෙසේ ඇත්තෝ ඒ පිළිබඳ කිසිවක් නොදැනෙන්නට හරිමින් ඔවුන්ට අඩුපාඩුවක් නොමැතිව දිවා ආහාරය පිළිගැන්වූ අතර, ඔවුන් යළි දිනක හමුවෙමු යැයි පවසමින් එකිනෙකාගෙන් සමුගන්නා අවස්ථාවේදී මනාලියගේ මව කියා සිටියේ ‘‘මේ විදිහට ගෑනු ළමයි සමග නටන දරුවකුට තම දියණිය විවාහ කරදීමට පවුලේ උදවිය කිසිසේත් කැමැත්තක් නොදක්වන බවකි.


තම දියණියට මීට වඩා සංවර පුතකු සොයා ගැනීම ගැටලුවක් නොවන බව පැවසූ තරුණියගේ පියා ද, පිරිසට සිනා මුහුණකින් සමුදුන්නේ තම දියණිය බලාපොරොත්තුවෙන් යළිත් දිනක මෙහි නාවාට කමක් නැති බව ද අවධාරණය කරමිනි.



අදහස් (3)

නෑනාට ජම්බු කවන්නගිහින් මඟුලත් කම්මුතු කරගෙන

ravi Tuesday, 02 June 2020 11:37 AM

අයිසේ, වහ කෑවත් ජම්බුනම් කන්න එපා.. ! මටත් දික්කසාද වෙන්න වුණේ නෑනට ඔය ජරාව කවන්න ගිහිල්ලනේ..

:       0       7

PradeepTuesday, 02 June 2020 05:20 PM

තමන්ගේ බිරිඳ පැත්තක තියලා නැනලාට ජම්බු කවන්න ගියාම දික්කසාද නොකර ඉඳීවිද ආයිබොවන්... බැන්දට පස්සේ ඉතින් කවන දෙයක් බිරිදටම තමයි.

:       0       16

raviWednesday, 03 June 2020 08:28 AM

ඕක හරි කම්මැලි වැඩක්නේ...

:       2       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site