IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


තිස් පස් වියේ තිදරු මව හැට වියේ ඩ්‍රැයිවර් මාමා එක්ක හනිමුන් ගිහින්

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 තිස් පස් හැවිරිදි මවක පාසල් වියේ පසුවන දරුවන් තිදෙනා සහ සැමියා අතරමං කර හැට හැවිරිදි ඩ්‍රයිවර් මාමා සමග අතිනත පටලවාගෙන ගිය සිද්ධියක් පසුගියදා මීරිගම පොලිසියේ දී දැකගත හැකි විය.


මීරිගම පොලිසියේ පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා හමුවේ දිග හැරුණු කතාව මෙසේය.


තිස් පස් හැවිරිදි මේ තිදරු මවගේ සැමියා ආරක්ෂක අංශයේ සාමාජිකයෙකි. ඔහු පවුලේ වැඩ කටයුතු සඳහා කුඩා ලොරියක් මිලදී ගත්තේ කලකට පෙරය. දරුවන් තිදෙනා තවමත් පාසල් වියේය. බිරිඳ සැමියා නැති ගෙදරට නිතරම ආගිය රියදුරා ඇමතුවේ මාමා යනුවෙනි. 


රියදුරු මාමාත් ගෘහනියත් අතර තහනම් ඇසුරක් වැඩුණි. කල් යත් යත් මේ බව සැමියාට ද දැන ගැනීමට ලැබිණි. දෙදෙනා අතර බහින්බස්වීම් ඇතිවිය. ඒවා ගහ මරා ගන්නා තැනට වැටෙද්දී සිද්ධිය පිළිබඳව මීරිගම පොලිසියේ පැමිණිල්ලක් සටහන් කෙරුණි.


පැමිණිල්ල විභාගයට ගිය පොලිස් නිලධාරියා අමාරුවක වැටුනේ සැමියා දරුවන් තිදෙනා සමග පසෙක බලා සිටිය දී කාන්තාව රියදුරු මාමාගේ අතේ එල්ලී මට මාමා ඕනෑයි කීම නිසාය. දෙපක්ෂය පොලිසියට කැඳවාගෙන යාමට සිදුවූයේ ඒ නිසාය.


ගෙදර ලොරියේ සියලු දෙනාටම යාමට බැරි බව කී කාන්තාව ත්‍රිරෝද රථ දෙකක් ගෙන්වූවාය. මාමා සමග එක් රියකට ගොඩවූ කාන්තාව පොලිසියට යද්දී සැමියාට දරුවන් සමග අනෙක් ත්‍රිරෝද රථයේ නැගී පොලිසියට යාමට සිදුවිය.


දෙපක්ෂය කැඳවූ පොලිස් පරීක්ෂකවරයා දන්නා තරමින් හොඳ නරක කියා දුන්නේය. අනාගතයේ ඇති විය හැකි විපාක පිළිබඳව ද දැනුම්වත් කරනු ලැබුවේ දරුවන් තිදෙනකු අසරණ වීමෙන් සමාජයට සිදුවන අවැඩ ගැන කියා දෙමිනි. කෙතරම් කාලය ගත කළත් පලක් නොවීය.


“මට මාමා ඕනෑ මම මාමා එක්ක යනවා” කාන්තාව පැවසුවේ මාමාගේ අතේ එල්ලී සුරතල් වෙමිනි. මාමා ද කටහඬ අවදි කළේය. දුවට මාව ඕනෑම නම් මම එපා කියන්නේ කොහොමද ඔහු කීවේය. අන්තිමේ තමන් මාමා සමග යන බව පොලිස් පොතේ සටහන් කර නව යුවළක් මධුසමයට යනවා සේ කාන්තාව පොලිසියෙන් පිටව ජයග්‍රාහී ගමනින් පියමැන්නේ ආදරණීය සැමියාත් කඳුළු පිරි තෙන් හයක් ඇතිව දරුවන් තිදෙනාත් බලා සිටියදීය.

 



අදහස් (3)

තිස් පස් වියේ තිදරු මව හැට වියේ ඩ්‍රැයිවර් මාමා එක්ක හනිමුන් ගිහින්

john abrahan Friday, 01 March 2019 10:21 PM

වැඩ කරු...

:       162       65

raheem Saturday, 02 March 2019 12:19 PM

නොදකින් මෙහෙමත් ගැහැණු...

:       172       361

A Haper Monday, 04 March 2019 04:33 AM

"දෙදෙනා අතර බහින්බස්වීම් ඇතිවිය. ඒවා ගහ මරා ගන්නා තැනට වැටෙද්දී සිද්ධිය පිළිබඳව මීරිගම පොලිසියේ පැමිණිල්ලක් සටහන් කෙරුණි." ගැහැණු කෙනාට ගුටි දෙන්න කිසිම මිනිහෙක්ට අයිතියක් නෑ. එක විවාහක බිරිඳටත් එහෙම්මයි. වෙන රටක නම් මිනිහව කූඩුවට දාලා තමයි අනිත් එ්වා ගැන බලන්නේ...

:       447       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 668 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 547 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site