කාන්තාවක් ගංජා විකුණන බවට ලද තොරතුරක්මත පොලිසිය ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමේදී ඇඳ සිටි ඇඳුම ගලවා දමා පොලිසියට රැගෙන යන ලෙසට පොලිස් නිලධාරීන් ඉදිරියේ නිරුවත පෙන්වීමේ සිද්ධියක් අම්බලන්තොට පොලිසියෙන් වාර්තාවේ.
අම්බලන්තොට, මලවෙවත්ත ප‍්‍රදේශයේ කුඩා කඩයක ගංජා විකිණීම සිදුකරණ කාන්තාව ගංජා සමග පොලිසියට හසුවී පොලිසියට රැගෙන යාමට සුදානම් වීමේදී ඇය රෙදි ගලවා දමා දැන් පොලිසියට රැගෙන යන ලෙසට නිලධාරීන්ට කියා තිබෙන බව වැටලීමට එක්වූ අම්බලන්තොට පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ඩි.එච්.වී.ජේ. සමන්ජිත් මහතා කීය.
එසේ ඇය රෙදි ගලවාගෙන සිටින විටදී ඇයගේ දියණියද පැමිණ උඩුකය රෙදි ගලවාගෙන අම්මා දුෂණය කරන්න හදනවා කියා පොලිස් නිලධාරීන්ට බැණවැදී ඇති බවද සමන්ජිත් මහතා කීය. පොලිස් කාන්තාවන්ද සමඟ මෙම වැටලීමට ගිය නිලධාරීන් රෙදි අන්දවා ගංජා සමඟ 50 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබෙන බවද සමන්ජිත් මහතා කීය.
2025 නොවැම්බර් මස 04
338
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2147
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1622
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගංජා සමඟ ඇල්ලූ කත පොලිසියට නිරුවත පෙන්නලා
කුමාරිහාමි Saturday, 28 December 2013 11:41 AM
රාලහාමිලට තිබුනේ ඇගේ ඉල්ලීමට අනුව පාර දිගේ පොලිසියට ගෙනියන්නයි. (නදී)
ධම්ම Thursday, 26 December 2013 02:24 AM
පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ගංජා වැටලීමකට ගිහින්? (නදී)
සෙන්තිල්නාතන් Thursday, 26 December 2013 02:54 AM
ෂාහ්, මරේ මරුනේ, පොලිසියට මේක දැකීමෙන් තමන්ගේ විඩාව,මහන්සිය, භය සේරම නැතිව යන්න ඇති.(නදී)
විජය Thursday, 26 December 2013 06:29 AM
මොකටද ආයෙ රෙදි ඇන්දුවේ. එහෙමම අරං ගිහින් කූඩුවට දාල තියන්නනෙ තිබුනෙ.(නදී)
ආරියසේන Thursday, 26 December 2013 07:09 AM
ගැහැණුන්ගේ නුවන හැදි මිටේ කිව්වට, ඊට වැඩිය දිගයි වගේ. පොලිසියේ මහත්වරු අමාරුවේ දාන්නයි ඒ වැඩේ කරන්න ඇත්තේ. (නදී)
පියසේන Monday, 30 December 2013 02:11 PM
ගැහැණු පිරිමි භේදයක් නොතකා මෙවැනි අසීලාචාර වැඩ කරන්නවුන්ට නිසි දඬුවම් දිය යුතුයි(දිල්).
ලාල් කැන්ඩි Sunday, 29 December 2013 06:26 PM
දැනටමත් අරක්කු නම් විකුනනවා. ලගදීම කුඩු වලටත් බලපත්‍ර දෙයි එතකොට ඔය ගංජා විකුනන්න ඕනි නැහැ.(නදී)
තිලා Thursday, 26 December 2013 08:20 AM
පොලිසියට හිතෙන්න ඇති අනේ සිංහ රාජෙට ගියා නම් මීට වැඩිය හොඳයි කියලා.(නදී)
සිල්වා Monday, 30 December 2013 03:16 PM
තව ටික දවසකින් නැව් පිටින් ගේන්නේ.(නදී)
අමිල කටුනායක Thursday, 26 December 2013 09:24 AM
ඉතින් ඒ අය ගංජා ඇල්ලුවාද? (නදී)
මොහාන් Sunday, 29 December 2013 08:13 PM
ලේකම් කෙනෙකුගෙන් ලිපියක් අරගෙන තිබුනා නම් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.(නදී)
චන්ද්‍ර වීරසිංහ Sunday, 29 December 2013 12:55 AM
ලංකාවේ ජීවන වියදම සමග බහුතර ජනතාව ජීවත් වෙන්නේ කොහොමද?(අ)
නලින් Sunday, 29 December 2013 02:09 AM
එතකොට කුඩු කන්ටේනර් එකේ අයිතිකාරය අල්ලන්න බැරි උනේ, (අ)
ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 26 December 2013 01:31 PM
ඉක්මනින් මරණිය දණ්ඩනය ගෙන යා යුතුයි. (ස)
රන්ජි Thursday, 26 December 2013 02:07 PM
පොලිසියට යන්න තිබුණේ කුරුඳු පොල්ලකුත් අරගෙන අම්මයි දුවටයි හොඳට සලකලා, ගිහින් කුඩුවට දාන්න. (ස)
රවින්ද්‍ර රසිල්වා Thursday, 26 December 2013 05:38 PM
පොලිසිය වැටලීමකට ගියාම මේ විදියට රග දැක්වීම දැන් මෝස්තරයක් වෙලා වගෙයි. මේ වගේ සිදුවීම් දෙක තුනක්ම මෑතකදී කියවන්න ලැබුනා.මේවට නිසි දඩුවම් නොදුන්නොත් තත්වය වර්ධනය වෙන්න පුළුවන්.(දිල්)
අජිත් Thursday, 26 December 2013 05:46 PM
මෙච්චර මේ රටේ කුඩු මුදලාලිලා කන්ටේනර් පිටින් ගෙනත් විකුණන ඒවත් අල්ලන්න(දිල්)
අචිර Thursday, 26 December 2013 10:17 PM
ඕක මොකක්ද ලොක්කෝ කුඩු කන්ටේනර් පිටින් ගෙනෙන කොට.(නදී)
බමුණු Saturday, 28 December 2013 07:13 AM
පොලිසියේ කට්ටිය හොඳටම බය වෙන්නේ ඇතිනේ. තොවිල් කරන්න උනාද. (නදී)
බමුණු Saturday, 28 December 2013 07:15 AM
ලොක්කෝ කුඩු කන්ටේනර් ගනන් ගේන ඒවා අල්ලන්නේ නැද්ද එතකොට.(නදී)
බමුණු Saturday, 28 December 2013 07:18 AM
මොනවද මේ වයේ තව වර්දනය වෙන්න තිබෙන්නේ? ගෙනෙන්නේ කන්ටේනර් පිටින්. තව වර්ධනය කුමටද? (නදී)