IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කලිසමට පෙම්බැඳි මනාලයාට මඟුල්දා සරමක් තෑගිකරලා

(තිහගොඩ උපසේන ලියනගම)
අගනුවර ආසන්නයේ වූ මංගල්‍ය උත්සවයකි. එහි ගිය මනාලයාගේ හිතවතකු මනාල යුවළට වටිනා ත්‍යාගයක් පිරිනැමූ අතර මනාලයාට වෙනම පාර්සලයක් පිළිගැන්වීය. එහි වූයේ සරමකි.


මේ මනාලයා සිය ජීවිත කාලය තුළ කවදාවත් සරමක් ඇඳ තිබුණේ නැත. ගමන් බිමන්වලදී දිගු කලිසමත් නිවසේදී කොට කලිසමත් ඇඳි ඔහු රාත‍්‍රියේ පවා කොට කලිසම ඇඳ නිදා ගත්තේය.


මේ බව දත් හිතවතා විවාහයෙන් පසුව ඔහුට සරමක අවශ්‍යතාවක් ඇතැයි සිතා විහිළුවට මෙන් සරමක වාසි ගැන කියැවෙන වගන්ති කීපයක්ද ලියා එය සරමත් සමග ඔහුට තෑගි කළේය.


සිය මනාලිය සමග තෑගි පිරික්සීමේදී මේ සරමත් එහි වාසි දැක්වෙන වගන්ති කීපයක් දුටු ඔහු එය මනාලියගෙන් වසන් කිරීමට උත්සාහ ගත්තද ඇය ක්‍ෂණිකව එය උදුරා ගත්තාය.


සරම් ඇඳීමේ වාසි පිළිබඳව එහි ලියා තිබූ ඇතැම් කරුණු කියවූ ඇය ”ඊයා” කියමින් එය ඔහුගේ මුහුණට දමා ගැසුවාලූ.



අදහස් (0)

කලිසමට පෙම්බැඳි මනාලයාට මඟුල්දා සරමක් තෑගිකරලා

කමල් වීමලවිර Tuesday, 28 April 2015 03:02 AM

අද සරම් අදින අය අඩුයි. අලුත් පරම්පරාව සරොම් අදින්නෙම නැහැ. (දිල්)

:       0       0

පිටබැද්දර ජයා Friday, 24 April 2015 02:30 AM

සරමේ වාසිය දන්නේ සරම අඳින එකා විතරයි. පටකම්බා අඳින වයසක සමන්තිලා ඕවා දන්නේ කොහොමද? (නි)

:       0       0

දුමින්ද Friday, 24 April 2015 02:32 AM

තැනට වැඩට ඔබින ඇඳුම-පැළඳුම (නි)

:       0       0

පහන් ඇල්ලෙපොලේ Saturday, 25 April 2015 11:14 AM

නියම තෑග්ග. (ස)

:       0       0

බමුණු Sunday, 26 April 2015 06:21 AM

බමුණු නොදන්නා දේවලට කතා කරන්නෙපා. අන්න එතනයි වැරැද්ද. (දිල්)

:       0       0

පොඩිසේන Friday, 24 April 2015 02:50 AM

ඇයි දන්නේ නැහැ මුහුණට දමාගැසුවේ? (නි)

:       0       0

සම්පත් Saturday, 25 April 2015 12:16 PM

බමුණු නොදන්නා දේවලට කතා කරන්නෙපා. ඉන්දියන් කාරයෝ සරම් අදින්නේ නැහැ. උන් අදින්නේ රෙද්දක්. අපි වගේ සරම මුට්ටු කරලා අදින්නේ නැහැ. අපිත් විදේශයක හිටියට සරම අමතක කරලා නැහැ. (ස)

:       0       0

ගමගේ Friday, 24 April 2015 03:09 AM

අනේ දරුවනේ,ඔලුවෙන් වගේම පහළින් අඳින්න පුළුවන් එකම ඇඳුම සරම බව අමතක කරන්න එපා. (නි)

:       0       0

කුමාරිහාමි Sunday, 03 May 2015 10:12 AM

මනමාලයා සරම අඳිනවා නම් මනමාලිටත් ඊට ගැලපෙන ඇඳුමක් දෙන්න ඕන නේද? මොකද්ද සරමට ගැලපෙන කාන්තා ඇඳුම? හැබැයි සරම පුරුදු නැතිව අඳිනකොට පටියක් බැඳගන්නම වෙනවා .(ත)

:       0       0

සරත් Friday, 24 April 2015 04:31 PM

සරමක් අන්දම තියන පහසුව.... කියලම වැඩක් නැහැ. මනමාල මහත්මියට පස්සේ තේරෙයි.... (ස)

:       0       0

සමන්ති Saturday, 25 April 2015 03:10 PM

පිටබැද්දර ජයා, සරමට වැඩිය පහසුයි කම්බාය කියල තේරෙන්නේ නැත්නම් ඉන්දියානුවෙකුගෙන් අහලා බලන්න. ඒගොල්ලෝ අදින්නෙත් කම්බාය වගේම සරමක්. මූට්ටු නොකරපු රෙද්දක්ම තමයි. (ස)

:       0       0

කේ.කේ.දී. Saturday, 25 April 2015 03:54 PM

බමුණු, ඔය තාමත් බ්‍රාහ්මණ යුගයේ ඉන්නේ.මමත් වසර 11ක් පිටරට ඉන්නේ,අපිනම් හැමදාම සරම අඳිනවා.කිසිම ප්‍රශ්නයක් නේ. රජ, ඔයා සරම ඇන්දට තාම සරම් සමාජය ගැන දන්නේ නේ. (ස)

:       0       0

ජානක Friday, 24 April 2015 04:51 AM

මොනවද දන්නේ නෑ නේද ලියලා තිබුණේ (දිල්)

:       0       0

ජෙහාන් Sunday, 26 April 2015 11:50 AM

තෑගි කරල තිබෙන්නේ හත් අවුරුද්දකට සෝදලා නැති සරමක් වෙන්නැති. (බ)

:       0       0

මනෝජ් Friday, 24 April 2015 06:23 AM

සරම හරිවිදියට සකසාගන්නේ නැතුව ඉහළ තැන්වල වැඩ කරන්න ගියොත් එහෙම පරෙස්සමෙන්! මිනිස්සු දුවයි (නි)

:       0       0

ලලිත් Friday, 24 April 2015 10:16 PM

මම ඉන්නෙත් බටහිර රටක. සරමක වටිනාකම දන්නේ එක අදින අය තමයි. මෙහෙත් හුඟක් සිංහල අය සරොම් අඳිනවා. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 24 April 2015 12:36 PM

මට වෙච්චි වැඩක් (අ)

:       0       0

විපුල Friday, 24 April 2015 01:22 PM

පහන් ඕයා නේද මේක කළේ (අ)

:       0       0

ධනුක Friday, 24 April 2015 01:55 PM

මේ සරම තෑගී කළේ අපේ පිවිතුරු යහපාල උන්නැහේ කියල මට නිකමට හිතෙනවා. (බ)

:       0       0

මුදියන්සේ Sunday, 26 April 2015 02:17 PM

සමදරෝ මොකද උන් අමුඩේට බැහැලද අනේ කෙල්ලේ උබ කොහෙද බන් හිටියේ (බ)

:       0       0

ගාමිණී Tuesday, 28 April 2015 12:27 AM

සමන්ති, සරම මොන බෙහෙතටද ගන්නේ? (නි)

:       0       0

සමන්ති Friday, 24 April 2015 01:11 AM

අනේ පවු , මෙයාට ලියන්න දේවල් නැත්ද? (අ)

:       0       0

රාජා Saturday, 25 April 2015 09:29 AM

චීය කියන්නේ ඇයි මොකක්ද සරමෙන් කරන්ඩ පුළුවන් චීය වැඩේ, මට නම් කිසිම අයිඩියා එකක් නෑ, හිතන්ඩ එපා මම සරම අදින්නෙ නෑ කියල, මම හොද සරම් කාරයෙක්...(බ)

:       0       0

බමුණු Saturday, 25 April 2015 09:43 AM

කොහොමද සරම ඇඳගෙන වවුලගේ ගෙදර යන්නේ. (ස)

:       0       0

බමුණු Saturday, 25 April 2015 09:46 AM

බටහිර රටක. සරම ඇන්දාම අපිත් ඉන්දීය කාරයෝ වෙනවා. එතනයි වැරැද්ද. (ස)

:       0       0

පහන් Friday, 24 April 2015 09:00 AM

සීතලට පොරවගන්න පුළුවන් ,වයිෆ් ට දිය රෙද්දට අදින්න පුළුවන් ,කොට කලිසම යටින් අැඳල උඩින් අදින්න පුළුවන් .රණ්ඩුවකදී සරමේ කොනක් අතට ගත්තහම ඕනේ චන්ඩියෙක් බයයි ,පිට පොට ගසා ගත්තහම ගස් නගින්න පුළුවන් ,ඕනේ නම් බෙල්ලේ වැල දාගන්නත් ගන්න පුලුවන් (සාරිය වගේ පහුගිය කාලේ) චියා කියපු එක පිරිමින්ට විතරක් නෙමේ හැබැයි ,කාන්තාවන්ටත් පුළුවන්. (ස) .

:       0       0

සමදරා ආරියදාස Saturday, 25 April 2015 03:27 AM

අපේ ගමේ සරමක් අඳින කෙනෙක් දැන් බෙහෙතකටවත් හොයාගන්න නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site