IMG-LOGO

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා


කොන්දොස්තරට කළ හොඳ පස්සෙන් ඇවිත්

බස්රථයක වැටී තිබූ මුදල් පසුම්බියක් පොලිසියට භාරදීමට ගොස් කොන්දොස්තරවරයකු ලැබූ තෑග්ගකි මේ. දිවුලපිටිය සිට පන්නල දක්වා දිවෙන බස්රථයකට සුරූපි තරුණියක් දිවුලපිටියෙන් ගොඩවූවාය. ඇය පන්නල අවසාන බස්නැවතුමට පෙර බසයෙන් බැස නොපෙනී ගියාය. ඇය සිටි අසුන අසල මුදල් පසුම්බියක් වැටී තිබී බසයේ සිටි කතක් කොන්දොස්තරට පෙන්වීය. 

කොන්දොස්තර එය අහුලාගෙන පරීක්‍ෂා කර බලා රියැදුරු ද සමග එක්ව පොලීසියට භාරදීමට ගියේය. ඔවුන් පොලිසියට යද්දි කාන්තාව ද පොලිසියේය.

ඇය පොලිසියට ගොස් සිටියේ මුදල් පසුම්බිය නැතිවුණා කියාගෙනය. මොවුන් අහුලාගත් මුදල් පසුම්බිය පොලිසියට භාරදුන් විට ඒ සමගම ඇය ද කැඳවා මුදල් පසුම්බිය මෙයදැයි පොලිස් නිලධාරියෙක් ප‍්‍රශ්න කළේය. ”අනේ... මගේ පර්ස් එක තමයි...

ගොඩාක් තෑන්ක්ස්” කියා එය පිරික්සූ කාන්තාව ”මේකෙ තිබුණ රුපියල් විසිපන්දහස නැහැනේ” කීවාය. පොලිසිය කොන්දොස්තරගෙන් ප‍්‍රශ්න කළේය. ඔහු කීවේ තමාට එවැනි මුදලක් මෙහි තිබී හමුවූයේ නැත කියාය.

පොලිසිය ඔහුට කීවේ විසිපන් දහස ගෙවිය යුතු බවය. කොස්දොස්තර අන්තිමේ බැංකුවට ගොස් රුපියල් විසිපන්දහසක් ගෙන පොලිසියට භාරදී ආපසු ගියේ යළි කොන්දොස්තර රැකියාවට එන්නේ නැතැයි කියමිනි. සුරූපිනිය පොලිස් නිලධාරියාට තුති පුදමින් යන්නට ගියේ ලොවක් ජයගත්නා ලෙසය.



අදහස් (0)

කොන්දොස්තරට කළ හොඳ පස්සෙන් ඇවිත්

මලික් Monday, 26 October 2015 10:39 AM

ගැහැණු ගැට වලට අහුවෙලා වගේ. (ර)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 27 October 2015 12:42 AM

මේක නිකන් කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. කිසිම හොයාබැලීමක් නැතුව පොලිස් නිලධාරියා තීන්දුව දුන්නා. තමා වැරදි නොකළත් තමා වැරදිකරුවකු බවට පත්කරන සමාජයක අප අද ජීවත්වන්නේ. පවූ අහිංසකයා. (නි)

:       0       0

දයා නන්දසිරි Monday, 26 October 2015 11:14 AM

අලුත්ම බිස්නස් ගැටයක් වගෙයි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Monday, 26 October 2015 11:51 AM

රූපවති , එහෙනම් ඉතින් ගැහනු දෙන්නා තාම කොන්ඩ වලු පටලවාගෙන පොලෝසියේ , (අ)

:       0       0

මාගලී Thursday, 29 October 2015 01:09 AM

ඔහොම අවුල්සහගත දේවල් කොහෙත් වෙන්න ඉඩ තිබෙනවා. පව් කොන්දොස්තර කොලුවා. (නි)

:       0       0

චිත්‍රා Tuesday, 27 October 2015 01:14 PM

ටෙලි නාට්‍ය වලින් තමයි මේ ජිල්මාට් ඉගෙන ගන්නේ. පොලිසියට මේ ගැන පරික්ෂණයක් කරලා ඒ කාන්තාව ගැන. පැමිණිල්ලක් සටහන් වෙලානේ තියෙන්නේ. (බ)

:       0       0

ගිහාන් Wednesday, 28 October 2015 05:43 AM

ඔව් ඔව් අමරකෝන් ඒ දෙන්නම එකතු වුණොත් පොලිසියත් නවතින්නේ ඒ ක්ලිනික් එකේ (බ)

:       0       0

නිමල් Tuesday, 27 October 2015 01:53 PM

දැන් චන්දිට හරියන දේවල්ද මෙතන ලියන්න ඕන. හැමදාම වගේ පුවත ගැන තමන්ගේ කිසිම අදහසක් නැහැ එ්ත් අනෙක් අයගේ ප්‍රතිචාර වල ගුණ අගුණ බලන්න මෙයා පත් වෙලා ! (බ)

:       0       0

රූපාවති Monday, 26 October 2015 05:01 AM

අර පසුම්බිය පෙන්වූව කාන්තාවත් සමඟ පොලිසියට යන්න තිබුණේ...? (ම)

:       0       0

මොහ‍ොට්ටාල Monday, 26 October 2015 05:02 AM

කළ හොඳ පස්සෙන් එළවලා නේද? (නි)

:       0       0

නුවන් Monday, 26 October 2015 05:02 AM

එහෙම ගෙවන්න ඕනෑ කියලා එකක් තියෙනවද? කොන්දොස්තර 25000 ගත්තා කියලා ඇසින් දුටු ශාක්ෂි නැත්නම්... පොලීසිය අහිංසක මිනිහාට බලපෑම් කරන්න ඇති හොරකම් කළා කියලා උසාවි දානවා, රිමාන්ඩ් කරනවා කියලා... (නි)

:       0       0

සංජය Monday, 26 October 2015 12:56 PM

ඔය පොකට් කාරයෝ පොකට් එකට විද්ද ගමන් සල්ලි ටික අරන් පොකට් එක විසි කරනවා .. පව් අහිංසක කොන්දා (බ)

:       0       0

රන්ජිත් Monday, 26 October 2015 05:03 AM

පණ්ඩිතකම් කරන්න යනවට හොඳ පාඩම... (නි)

:       0       0

මඩුල්ල Tuesday, 27 October 2015 02:52 PM

මේ ගෑණු කෙනා සල්ලි සොයන්න කරන ක්‍රමයක් වෙන්න පුළුවන්. සල්ලි නැති පර්ස් එක බස් එකේ දාලා ගිහින් පොලිසිය ලවා සල්ලි හම්බකර ගන්නවාද මෙහෙමත් මෝඩ පොලිස් කාරයෝ ඉන්නවද දැන් රටේ (බ)

:       0       0

සුධර්මා Tuesday, 27 October 2015 06:17 AM

අහිංසකයන් දෙස දෙවියන් බලන බවත් අපරාධකරුවන්ට නිසි දඬුවම් දෙන බවත් අත්දැකීමෙන් දනිමි. හැබැයි බොරුවට නම් අනුන්ට අවලාද කරන්න එපා. ඒක තමුන්ටම අනිත් පැත්තට එන බවත් පැහැදිලිවම එතැනදී කියනවා. (ර)

:       0       0

පීරිස් Monday, 26 October 2015 05:21 AM

කාට උදවු කළත් කාන්තාවන්ට උදවු කරන්න යාම නම් තරමක් භයානකයි කියන්නේ මේ නිසයි (නි)

:       0       0

රූපා Wednesday, 28 October 2015 01:51 PM

නියම වැඩේ හෝ ගැහැණුන්ගේ මොළේ හෝ කියලා මේ දේවල් වලින් සතුටක් ලබන්න එපා, අපේ කාන්තාවෝ. අපි වගේ හොඳ කාන්තාවන්ට සමාජයේ තිබෙන ගෞරවය මේ වැඩ වලින් නැතිවෙනවා නේද? (නි)

:       0       0

චන්දි Monday, 26 October 2015 01:08 PM

මේ කොමෙන්ට් වලින් පිළිගන්න පුළුවන් දෙයක් කියලා තියෙන්නේ ශාන් සවුදි විතරයි ඔව් ශාන් එහෙම වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. (ර)

:       0       0

අනිල් Tuesday, 27 October 2015 03:28 PM

අමරකෝන්ගේ කතාව සහතික ඇත්ත (හේ)

:       0       0

අනු Monday, 26 October 2015 01:20 PM

පොලිසියෙත් ඉන්න ඇති ඔය ගෑනු කෙනාගේ කව්රු හරි. (ර)

:       0       0

මනෝරි Monday, 26 October 2015 05:45 AM

රැවටෙන්න ඇති කාන්තාවගේ මායම් වලට, පව් නේද... (ර)

:       0       0

රුපවතී Tuesday, 27 October 2015 04:36 PM

පොලීසියෙන් සල්ලි දෙනවානම් ඒ ඉතින් අපි ගැන දුක හිතිලමයි අපේ මනුස්සකමට, අමරකෝන් ..!!!....(රේ)

:       0       0

අජිත් Monday, 26 October 2015 01:38 PM

යකඩෝ ඒක මාර පොලීසියක්නේ. අනේ පව් කොන්දොස්තර කොලුවා සමාජෙට තවම අලුත් කෙනෙක් වෙන්න ඇති. තවත් ගැහැණුන්ගේ සටකපට වැඩක්. (නි)

:       0       0

චන්දි Tuesday, 27 October 2015 06:51 AM

සහතික ඇත්ත සුධර්මා (රේ)

:       0       0

ටෙනිසන් Monday, 26 October 2015 07:00 AM

පන්නලම හින්ද හොදයි.කොළඹ පැත්තේ වුනානම් ,කොන්දස්තර් මලයට පොඩි වැඩි තිබෙන්නේ .ගැට කපන්නෙක් අල්ලලා නංගිව පෙන්නනෙකයි. දුන්න වගේ තෙගුණයක් නංගි නැති කර ගන්නවා.මල්ලිලා දෙන්නම ගොඩ.කොහොමහරි නංගිගේ සිවුසැට මායම් වලට පොලිසියත් යටවුනා (බ)

:       0       0

නිමලරාජ් Monday, 26 October 2015 07:30 AM

ඒක තමයි නුවන් වෙලා තියෙන්නේ. පොලිසියේ ලොක්කන්ගේත් පුරුෂ ධෛර්යය දියවෙන්න ඇති කාන්තාව ඉස්සරහා. (නි)

:       0       0

යටවත්ත Monday, 26 October 2015 07:33 AM

පොලීසියෙ අයත් කිසිම දෙයක් සොයාබලන්නේ නැතුව කාන්තාව කිවුව එක පිළිගත්ත එක නම් වැරදියි (නි)

:       0       0

දිනේෂ් Tuesday, 27 October 2015 07:46 AM

ඔහොම ඒ ගැහැණු කෙනා කිවුව පළියට 25000 ක් දෙන්න තරම් මෝඩද කොන්දොස්තර මහත්තයා? (නි)

:       0       0

නුවන් Tuesday, 27 October 2015 09:39 PM

පවු අහිංසක මනුස්සයා! (නි)

:       0       0

මොහොමඩ් Monday, 26 October 2015 08:13 AM

අනේ මන්දා! ගත්තේ නැත්නම් ඇයි 25000 දුන්නේ? (නි)

:       0       0

මොහොමඩ් Monday, 26 October 2015 08:16 AM

කෝ අද රූපවති සද්දයක් නැත්තේ මොකද? (නි)

:       0       0

කරුණාපාල Monday, 26 October 2015 08:23 AM

හිත හොඳ වැඩිවුණාම ඉල්ලගෙන කනවා කියන්නේ ඕවට තමයි. ඔය වගේ කුඩා සිද්ධියක් මටත් වුණා. එක දවසක් මගේ වාහනය පිටුපසට ගැනීමේදී මෝටර් සයිකලයකින් වේගයෙන් පැමිණි කෙනෙක් කිසිම අනතුරක් සිදුකර ගන්නේ නැතුව නවත්වා ගත්තා. අවසාන මොහොතේ මමත් ඔහුව දුටු නිසා මමත් පිටුපසට ගැනීම නතර කළා. දෙදෙනාටම කිසිම ගැටළුවක් සිදුවුණේ නැහැ. නමුත් මගේ වරද කියා හැඟුන නිසා "සමාවෙන්න" කියලා මම කිවුවා. ඒ වචනය මම කියපු ගමන්ම බයිසිකලයෙන් බැස ඔහු මට ගහන්න පැන්නා. එවිටම මම "මොකද ඩෝ කියන්නේ උඹ දන්නවද මම කවුද කියලා?" ඇහුවා. එවිටම ඔහු "සොරි සර්" කියලා යන්න ගියා. කොච්චර හොඳ වැදගත් වචනයක් වුණත් අනවශ්‍ය තැන්වල හා අනවශ්‍ය පුද්ගලයින් සමග භාවිතා නොකළ යුතුයි කියලා මම එදා ඉගෙනගත්තා. මොකද මේ ශ්‍රී ලංකාව නිසා. (නි)

:       0       0

අනුර Monday, 26 October 2015 04:46 PM

මේ සිද්ධිය ඇත්තක් නම් මෙම කොන්දොස්තර පොලිස් කොමිසමට පැමිණිල්ලක් කළ යුතුය. මුදල් පසුම්බිය භාර දෙන්නෙක් මෙවැනි මුදල් ගැනීමක් සිදුනොකරන බවට වටහා ගත හැකිය. කෙසේ නමුත් මේ දිනවල අසන්නට හා දකින දේවල් අනුව මෙය ඇත්තක් යයි සිතා ගත හැක.....(රේ)

:       0       0

නිහාල් Monday, 26 October 2015 08:28 AM

ගැණු දෙන්නගේ අලුත් වැඩක් වගේ ! කොන්දොස්තොර සල්ලි ගත්තනම් කිසිදිනක පොලිසියට යන්නේ නැ.මේ සල්ලි ඇයට ලැබුණු ආකාරය ගැන විමර්ශනයක් නොකළාද ? (බ)

:       0       0

දුල්මි Monday, 26 October 2015 08:32 AM

එහෙම ඇසින් දුටු සාක්කි නැතිව විමර්ශනයක් නැතිව බය කරලා සල්ලි ගෙන්න ගත්තේ මේකත් අර පසුගිය කාලයේ ලෝක ප්‍රසිද්ධ වුන පොලිසිය වගේ තැනක් වෙන්න ඇති. (බ)

:       0       0

පුබුදු Monday, 26 October 2015 08:32 AM

කොහමත් ඉතින් පොලිසිය කාන්තාවට සලකනවනේ (බ)

:       0       0

රන්දි Monday, 26 October 2015 08:31 AM

මේ වග වැඩ හින්ද පොලිසිය තවත් පස්සට යනවා (බ)

:       0       0

ශාන් සෞදි Monday, 26 October 2015 08:37 AM

මේක මුදල් පසුම්බිය අමතක වීමක් නොවේ මේක බිස්නස් එකක් මේ ගැනී මේක හිතලම අමතක කරලා යන්න ඇති අනෙක් ගෑනු කෙනා මෙයාගේ සහායකයා වෙන්න ඇති කොන්දොස්තරට මේක පෙන්නුවට පසු එය පොලිසියට බාරදීමට සිදුවන බව හොදින් දන්නා මේ දෙන්න හොදට ප්ලැන් කරලා මේක කරන්න ඇත්තේ හොදට හොයල බලන මුදල් පෙන්වූ කෙනා සහ මුදල් නැතිවූ කෙනා හොදට හදුනන අය නොවේද කියල ,මේවගේ දේවල් හඬ තමයි මිනිස්සු මේවා හිමිකරුවන් නොසොය ලැබුන දේ අරන් යන්නේ (බ)

:       0       0

සරසි Monday, 26 October 2015 09:07 AM

එහෙම මිනිස්සුන්ගෙන් කිසිම සාක්ෂියක්වත් නැතිව පැමිණිල්ල හරිහමත් විදියට විභාග නොකර සල්ලි ගෙන්න කියන්න පුලුවන්ද ? (ර)

:       0       0

අමරකෝන් Monday, 26 October 2015 05:44 PM

රූපවති හෝ චන්දි ගියා නම් පොලිසියෙනුත් සල්ලි දෙනවා, කරන කරච්චලේ ඉවසන්න බැරුව.....(රේ)

:       0       0

අමාලි Monday, 26 October 2015 09:29 AM

උදව් කරන්න ගියාම අද කාලේ ඔය වගේ ඒවා වෙනවා. (ර)

:       0       0

අමල් Monday, 26 October 2015 09:27 AM

අනේ මෙහෙමත් ගැහැණු මායම්. (ර)

:       0       0

සෑම් Monday, 26 October 2015 09:32 AM

මේ කතාව ඇත්ත නම් පොලිසියට විරුද්ධව නඩු දාන්න පුළුවනි (බ)

:       0       0

සෙන්සා Wednesday, 28 October 2015 03:12 AM

කොටදෙණියාව පොලිසියට නොදෙවෙනි වගේ.(ම)

:       0       0

නිලක්ෂි Wednesday, 28 October 2015 09:58 AM

ගැහැණුන්ගේ මොලේ ඔය තියෙන්නේ. කව්ද කිව්වලු හැඳිමිටක් තරම කියල. මොන බොරුද. කාන්තාවන්ට ජයවේවා! (බ)

:       0       0

සනත් Monday, 26 October 2015 10:10 AM

කියපු පලියට මේකේ මෙච්චර තිබුනා කියලා ඔප්පු කරන්නේ නැතුව කියන්න බැහැනේ. කතාව ඇත්ත වෙන්න පුළුවන්, නමුත් අහිංසකයෙක්ගේ මහත්මා කමටයි ඔවුන් ගැරහුවේ. මේ මනුස්සයා අනිත් දවසේ ඇත්තටම උදව් ඕන කෙනෙකුටවත් උදව්වක් කරන එකක් නැහැ. (ර)

:       0       0

සරත් Monday, 26 October 2015 10:41 PM

"පොලිසිය ඔහොමයි මොටද හඬලා, මල් දුටුවමයි එන්නේ බඹරු නටාලා" (නි)

:       0       0

ජෙහාන් Monday, 26 October 2015 10:31 AM

අවංක උදවියට මෙහෙම සලකන්නත් ලැබුනොත් ඉතින් අයිතිකාරයෝ නැති භාණ්ඩ දැක්කම මිනිස්සු ඉස්සර අර බෝම්බ පුපුරපු කාලේ පන එපා කියලා දුවපු විදියට දුවාවි. (හේ)

:       0       0

ඉනෝකා Monday, 26 October 2015 10:31 AM

කල හොඳ පස්සෙන් එලවනවා කියන්නේ ඕවාට තමයි. කොන්දොස්තර කියන්නේ ධනවත් මනුස්සයෙක් නොවෙයිනේ. කොහෙවත් යන කෙනෙකුට නිරපරාදේ තමන්ගේ සල්ලි පුජා කරන්ඩ සිද්ධ වෙච්ච එකට නම් කියන්නට තියෙන්නේ පුරුවේ තිබිච්ච ණයක් ගෙව්වා කියලා තමයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

සද්දෙට මල පැන කැලේට විසි කරලා
2025 ජනවාරි මස 17 446 1

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට නොහැකි අයුරින් වයෝවෘද්ධ මව රාත්‍රියට ආගමික වැඩසටහන් දමනවා යැයි පවසා වත්ත පහළට රේඩියෝවක් විසිකර ඇතැයි කියන අප


සල්ලි පාඩම වැරැදී අලි ජංජාලයක වැටිලා
2025 ජනවාරි මස 16 710 1

සැමියා සිය බිරියට බැංකු ගනුදෙනු කරන ආකාරය ගැන ක්‍රියාවෙන් පෙන්වන්නට ගිහින් දෙදෙනාම අතරමං වූ පුවතක් වයඹ හා රජරටට මායිම් කහල්ල පල්ලේකැලේ රක්ෂිත ගම්මාන


මාරුවට මළ පැන ඉබ්බෝ දමා ගිහින්
2025 ජනවාරි මස 15 695 1

රජයේ කාර්යාලයක ආරක්ෂක නිලධාරියෙකු ස්ථාන මාරුවිම් ලැබ වෙනත් කාර්යාලයකට යාමේදි කාර්යාලයේ තිබු ඔහුගේ විවේක කාමරයට දොරගුළු දමා යාම හේතුවෙන් ආයතන ප්‍රධ


පම්පෝරි ගහන්න ගිහින් කූඩුවේ ලැගලා
2025 ජනවාරි මස 14 366 0

තම බල ප්‍රදේශයේ පොලීසිය තම අතේ යැයි කියු අයකු බේරා ගැනීමට පම්පෝරියට සවන් දුන් පිරිසක් පොලිස් ලොක්කා සොයා ගිය පුවතක් ඇතුගල්පුරවරයෙන් අසන්නට ලැබුණි.


අඩිපුඩි ගසා “පොල්අඩි“ කාලා
2025 ජනවාරි මස 13 157 0

නෝනගේ උපන්දිනය දා නෑනට ගැසූ දඩයෙන් අඩිපුඩි ගසා නෝනාගෙන් පොල් අඩි කෑ අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු‍ දිසාවෙන් අසන්නට ලැබේ. නෝනයි නෑනයි ඇයි හොඳයිය තිබුණ


’තට්ටුව’ වැරදී ගුටි කාලා
2025 ජනවාරි මස 10 1452 0

වැරදි කෙනාට තට්ටු කර වැඩේ වරද්දගත්තු අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු‍‍ දිසාවේ වෙස් මුහුණුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 337 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 588 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site