IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කතක සපා කෑවාට බල්ලා එල්ලා මරලා

නිවසේ ඇති දැඩි කරන සුරතල් බල්ලා, මහමග ගිය කාන්තාවක් සපා කෑවයි උරණ වූ තරුණයකු එම බල්ලා එල්ලා මැරූ බව කියවෙන පුවතක් වියලූවේ ගම්මානයකින් වාර්තා වේ. සිද්ධිය මෙසේය. එය වියලූවේ ගම්බද නිවෙසකි. එහි හැමෝම බල්ලන්ටත් බළලූන්ටත් එකසේ ආදරය කළහ. ඔවුහු තම නිවසේ සුරතලයට බල්ලකු මෙන්ම බළලකු ඇති දැඩි කළහ. දිනක් බල්ලා මහ මග ගිය කාන්තාවක පසුපස පන්නා ගොස් ඇය සපා කෑවේය. උරණ වූ කාන්තාව නිවෙස දෙසට හැරී බැණ වැදුණේ බල්ලන් ඇති කරන ආකාරය ගැන පාඩමක්ද කියා දෙමිනි. බොහෝ වේලාවක් කල්පනා කරමින් සිටි තරුණයා තීරණයක් ගත්තේය. යළිත් එවැන්නක් නොවන්නට ඉඩ නොතබන බව කාන්තාවට පැවසූ හෙතෙම තංගුස් ලණුවකින් තොණ්ඩුවක් සාදා නිවස අසල ගසක ගැට ගැසුවේය. බල්ලාගේ ගෙල තොණ්ඩුවට දමා හිර කළේය. විනාඩි කීපයක් දඟලමින් මර හඬ තැලූ බල්ලා තම ස්වාමියා දෙස බලාගෙනම අවසන් හුස්ම පොද පිට කළේය. බල්ලා සපා කෑම කියා ප‍්‍රතිකාර ගන්නට රෝහලට ගිය අවස්ථාවේදී බල්ලා එල්ලා මැරූ බව කාන්තාව වෛද්‍යවරයාට කියා සිටි නිසා ඇයට පිස්සු බලූ රෝගය වැළැක්වීමේ එන්නත ලබා දීමටද සිදුවිය.



අදහස් (0)

කතක සපා කෑවාට බල්ලා එල්ලා මරලා

maxi Wednesday, 29 February 2012 12:51 PM

බෝගම්බර තනතුරට අයදුම්පත් දාපු කෙනෙක් වාගේ..

:       0       0

සමන්ත Wednesday, 29 February 2012 01:37 PM

සත්ව හින්සා පනත යටතේ දඩුවම් කළ යුතුයි

:       0       0

susa Saturday, 03 March 2012 03:50 PM

එල්ලුම් ගහ ගෙදරට ගිහින්

:       0       0

unknown Wednesday, 29 February 2012 10:27 AM

පිස්සු බල්ලට නෙමේ. ගෙදර අයටයි.

:       0       0

සුමුදු Wednesday, 29 February 2012 11:33 AM

පව් අහිංසක සත්වයා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site