(බුලත්සිංහල ලක්මි කුඩලිගම)
බැංකු ශාඛාවක මුදල් හුවමාරු යන්ත්‍රයකින් බිල්පතක් ගෙවීමට අදාළ මුදලට වඩා වැඩි වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් යන්ත්‍රයට ලබාදී, එහි ඉතිරි මුදල යන්ත්‍රයෙන් එළියට දෙනතුරු බලාසිටි තරුණියක පසුගියදා බස්නාහිර පළාතේ බැංකු ශාඛාවක ඒ.ටී.එම්. යන්ත්‍රය අසලදී දැක ගැනීමට හැකිවිය.
සිද්ධිය සැකවින් මෙසේය. හතිහලමින් දුවගෙන ආ තරුණියක් බැංකුවේ මුදල් හුවමාරු යන්ත්‍රය වෙත ගොස් යම් ආයතනයකින් ඇයට ලැබුණු බිල්පතක් බලා මුදල් හුවමාරු යන්ත්‍රය බොත්තම් ක්‍රියාත්මක කර මුදල් නෝට්ටුවක් ඇතුල් කළේය. අදාළ කටයුතු සියල්ල නිම කිරීමෙන් පසු තරුණියට යන්ත්‍රය මගින් රිසිට් පතක් ද නිකුත් කෙරිණි.
එය අතට ගත් තරුණිය යන්ත්‍රය අසලින් ඉවත් නොවී යන්ත්‍රය දෙස බලා සිටි හෙයින්. පෝලිමේ ඊළඟ අවස්ථාව හිමි තරුණයා ඇයගෙන් ඇයිදැයි විමසීය. මම අහවල් ආයතනයට රුපියල් 1200ක බිලක් ගෙවන්න මගේ ගාව මාරු නැති නිසා රුපියල් 5000ක මුදල් නෝට්ටුවක් යන්ත්‍රයට ඇතුල් කළා, එහි ඉතුරු සල්ලි ලැබෙනකම් බලා ඉන්නේ. තාම ලැබුණෙ නැහැනෙ.’’යි කීවාය.
තරුණයාට කාරණය පැහැදිලි විය. ‘‘ඉතුරු මුදල් මේකෙන් ගන්න’’ බැහැ. බැංකුව ඇතුළට ගිහින් ඉල්ල ගන්න යැයි තරුණියට කීය. ඒ අනුව තරුණිය බැංකු ශාඛාව තුළට පිවිසෙන්නට ගියත් එදින බැංකු ශාඛාවේ නිවාඩු දිනයක් බැවින් ආරක්ෂක නිලධාරියාට කාරණය පවසා ඔහුගෙන් ඉතිරි මුදල ලබා දෙන ලෙස ඉල්ලීමක් කළාය.
ආරක්ෂක නිලධාරියා තරුණියට කීවේ, එහෙම ඉතිරි මුදල් දැන් මෙහෙන් ගන්න බැහැ. ඔබ ගෙව් ඒ බිල්පතට අදාල ආයතනයට ගිහින් ඒ අයට කාරණය කියා, එතනින් විමසීමක් කරණ ලෙස දැන්විය.
ලජ්ජාවට පත්වූ තරුණිය බිම බලාගෙන බැංකු කාර්යාලයෙන් ඉවත්ව යනු දක්නට ලැබීණි.
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඒ.ටී.එම්.කෙන් බිල ගෙවා ඉතුරු සල්ලි එනකන් බලාගෙන ඉඳලා
මංගල Saturday, 09 October 2021 05:37 PM
ඕක ලැජ්ජා වෙන්න කාරණයක් නෙවෙයි නංගි... ඔයා හම්බ කරපු සල්ලිනේ... හොරකම් කරපුවා නෙවෙයිනේ. අනිවාර්යයෙන්ම ආපහු ගිහින් ඉතුරු ඉල්ලා ගන්න. හරි විදිය නම් ලැජ්ජා වෙන්න ඕන බැංකුවයි. මොකද යන්ත්‍රයට දාන සල්ලිවල ඉතුරු රිසිට් පතක් මගින් හෝ නිකුත් නොකිරීම නිසා ගනුදෙනුකරුවන් පත්වෙන අපහසුතාවයට...
දිමුත් Monday, 11 October 2021 01:35 PM
ලැජ්ජා වෙන්න ඕනේ ආයතනය...!