IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


එකට දෙකක් දීලා කතක් පොලිසියේ දී වැඩ වරද්දාගෙන

(කැලණිය ලාල් එස්. කුමාර)

නිවසේ අප ජලය ප‍්‍රධාන මාර්ගයට බැහැර කළ කාන්තාවකගේ හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේ ගෙහිමි කාන්තාව එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොලිසිය කැඳවා එම කාන්තාවගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේදී ‘‘හැඳුනුම්පත් එකක් නොවෙයි දෙකක්ම මට තිබෙනවා’’ යැයි මහත් උජාරුවෙන් විමසා හැඳුනුම්පත් දෙකක්ම ඉදිරිපත් කළ කාන්තාවක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ පාරිසරික අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප‍්‍රියන්ත චන්ද්‍රසේකර මහතා පැවසීය.

ඩෙංගු මර්දන වැඩසටහනකට අනුව නිවාස හා ගෙවතු පරික්ෂාවක් ඉකුත්දා (25) කැලණිය පොල්හේන ප‍්‍රදේශයේදී සිදුවිය. එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන කේ.කේ.ඒ. ප‍්‍රියදර්ශන සහ දසුන් දිසානායක මහත්වරුන් විසින් නිවෙසක අප ජලය මාර්ගයට දමා තිබූ කාන්තාවකගෙන් ඒ පිළිබඳව විමසා ඇයගේ හැඳුනුම්පත ඉල්ලා ඇත. ඇය එය ප‍්‍රතික්ෂේප කර ඇත.

ඉන්පසුව පෑලියගොඩ පාරිසරික ඒකකයේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රියන්ත චන්ද්‍රසේකර මහතා පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරුව එම කාන්තාවගෙන් හැඳුනුම්පත ඉල්ලා ඇත. එහිදී ඇය එකක් නොවෙයි දෙකක්ම තිබෙනවා යැයි මහත් උජාරුවෙන් පවසමින් හැඳුනුම්පත් දෙකක් ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පවසයි.

ඉන්පසු නිවසේ අප ජලය ප‍්‍රධාන මාර්ගයට දැමීම යටතේ අධිකරණයෙන් ඇයට විරුද්ධව නඩු පවරා ඇති අතර හැඳුනුම්පත් දෙකක් තබාගැනීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා එම කාන්තාව කැලණිය පොලිසියට භාරදී ඇතැයි පොලිසිය පවසයි.

මෙය හැඳුනුම්පත් පරික්ෂා කළ කැලණිය පොලිසියේ ස්ථානාධිපති ජයන්ත ගුණතිලක මහතා පැවසුවේ ඇයගේ හැඳුනුම්පත් දෙකේම නම්, ගම් හා විස්තර එක සමාන බවත් මීට වසර කීපයකට තිබූ හැඳුනුම්පත නැතිවීමෙන් පසු අලූතින් හැඳුනුම්පතක් ලබාගෙන ඇති බවයි.

නැතිවූ හැඳුනුම්පත හමුවූ විට එය බාරදිය යුතු බවත් එසේ නොකර හැඳුනුම්පත් දෙකක් ළඟ තබාගැනීම පිළිබඳව අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.



අදහස් (4)

එකට දෙකක් දීලා කතක් පොලිසියේ දී වැඩ වරද්දාගෙන

sahan Saturday, 29 July 2017 03:05 PM

තුන්මුල්ලේ විමලේගේ තවත් බිරිඳක් වගේ ...

:       72       50

කපිල Saturday, 29 July 2017 05:11 PM

එතකොට විමල් වීරවංස සහ වීරවංස මහත්මිය ළඟ පාසපෝට් 2 බැගින් තියෙන්නේ?

:       34       106

nishantha Tuesday, 01 August 2017 08:10 AM

ඒ ගොල්ලෝ ගාව තියෙන ඒවා එක සමාන නැහැනේ .. දෙන්නටම උපන්දින දෙක ගානේ තියෙන ඒවා නිසා වෙන්ට ඇති තාම පොලිසියට අල්ලන්න අමාරු ......

:       0       6

lanka Tuesday, 01 August 2017 09:15 AM

ඔව් ඇයි එතකොට විමල් වීරවංස? එයාගේ නෝනා පාස්පෝර්ට් දෙක දෙක තියාගෙන ඉන්නේ.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 370 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2165 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1642 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site