IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අද්වකාත්ගේ කෙරුවාව එළිවෙලා

(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
දරුවාගේ උත්තරයට ගුරුවරයා නිරුත්තර වීමේ පුවතක් කැකිරාව අධ්‍යාපන කලාපයට අයත් පලාගල ප්‍රදේශයේ පාසලකින් අසන්නට ලැබුණි.


ප්‍රාථමික පන්තියක ගුරුවරිය සිසුන්ට අරපිරිමැස්මක අගය පිළිබඳව පාඩමක් කියා දුන්නාය. උපයන මුදල කෑමට වියදම් කළ යුතු අතර ලෙඩට දුකට ගැනීම සඳහා ඉතිරි කළ යුතු බව ද සඳහන් කළාය.


පවුලේ අයගේ රැකියා පිළිබඳව ද ඇය විස්තර විමසුවාය.


ඇතැම් දරුවෝ තම මව, පියා කරන රැකියා ගැන කියන්නට නොදනිති. ඒ අයගේ රැකියාවල් පසු දින එනවිට අසාගෙන එන්නැයි ඇය දරුවන් දැනුවත් කළාය.


ඒ අනුව නිවෙසට ගිය සිසුවියක් තාත්තාගෙන් කරන රැකියාව කුමක්දැයි කියා ඇසුවාය.
“අද්වකාත් කියලා කියන්න.” පියා දියණියට පැවසීය.


සිසුවිය පාසලට ගියාය. පියාගේ රැකියාව ගුරුවරියට කීවාය.
පන්තියේ සිටින වැදගත්ම තනතුර දරන සිසුවිය ඇය බවට ගුරුතුමිය හඳුනා ගත්තාය.
පන්තියට යම් ආධාර මුදලක් අය කළ යුතුව තිබුණි.
එම සිසුවියගේ පියාට පන්තියට පරිත්‍යාගයක් කරන ලෙසට දන්වන ලෙස ගුරුතුමිය සිසුවියගෙන් ඉල්ලීමක් කළාය.
සිසුවිය ඒ බව පියාට දැනුම් දුන්නාය.


“දුවේ, මේ දිනවල දුවන්නේ රිම් එකෙන් කියාපන්.”
සිසුවිය පාසලට ගියාය. පියා කියූ දේ ගුරුතුමියට කීවාය.
පන්ති භාර ගුරුතුමිය සිද්ධිය විදුහල්පතිට දැනුම් දුන්නාය.
“සර්, මේ සිසුවියගේ පියා අද්වකාත් කිව්වා. ඒ නිසා පන්තියට යම් ආධාරයක් කරන ලෙසට ඉල්ලීමක් කළාම මේ දවස්වල දුවන්නේ රිම් එකෙන් කියනවා.”
විදුහල්පතිවරයා සිසුවියගේ නිවස අසල සිටින ගුරුවරයකුගෙන් ඒ ගැන ඇසීය.
“මොන පිස්සුද සර්, මෑන් අද්වකාත් කෙනෙක් නෙමෙයි. කුලියට ගස් කපන කෙනෙක්. මේ දිනවල රිම් එකෙන් තමයි දුවන්නේ.” යැයි හෙතෙම කීය.


සිද්ධිය වටහාගත් ගුරුතුමිය සියලු මාපියන් කැඳවා පන්ති රැස්වීමක් තියන්නට තීරණය කළේ පන්තියේ කාර්යයට පරිත්‍යාග ලබාගැනීමටය.
රැස්වීමට භාරකරුවන් පැමිණ සිටියත්, අද්වකාත් පැමිණ සිටියේ නැතිලු.

 



අදහස් (1)

අද්වකාත්ගේ කෙරුවාව එළිවෙලා

himal Friday, 28 January 2022 09:29 AM

අරපිරිමැස්ම ගැන කතා කරන ගුරුවරියට බැරිද ඔය වැඩෙත් එහෙම්ම කරගන්න? අම්මගේ තාත්තගේ සාක්කු හින්දවන්නේ නැතිව? යම් ළමයෙකුගේ දෙමව්පියන් මොන ‍රැකියාව කරත් ඒ ඉස්කෝලේ වියදම් පියවන්න නෙවෙයිනේ..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 229 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site