IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


විවාහයෙන් පසු මනාල යුවළ කපුවාගේ කනෙන් රිංගන්න හදලා

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)
මඟුල් කපුවකුගේ මැදිහත්වීමෙන් විවාහ වූ යුවළ කපු ගාස්තු නොගෙවා මගහරිමින් සිටින බවත් මෙම යුවළගෙන් තමන්ට අයවිය යුතු ගිවිස ගත් මඟුල් කපු ගාස්තුව ඉල්ලා දෙන්නැයි දඹුල්ල ප‍්‍රදේශයේ මඟුල් කපුවකු දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


තමන් මෙම මඟුල් කපුකම සිදුකර මාස හයක් ගත වී තිබෙන බවත් එම යුවළ කුලියාපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටින බවත් තමන් කපු ගස්තුව ඉල්ලා අවස්ථා ගණනාවක් ගියද එම යුවළ මුදල්දීම මඟ හරින බව කපුවා කළ පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි.


එක් පාර්ශ්වයකින් රුපියල් 15,000ක් බැගින් රුපියල් 30,000ක මුදලකට මෙම ජෝඩුව එක්කළ බවත් මෙතෙක් තමන්ට කිසිදු මුදලක් නොලැබුණු බවත් ගමන් බිමන් සඳහා තමන්ට විශාල මුදලක් වියදම් වූ බව ද කපු මහතා කියා සිට ඇත.


පසුව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රියශාන්ත බණ්ඩාර මහතා විසින් මෙම යුවළත් කපුවාත් පොලිසියට කැඳවා ප‍්‍රශ්න කිරීමේදී ජෝඩුව කියා ඇත්තේ මේ දිනවල තමන්ට ආර්ථික අපහසුතා ඇති නිසා මුදල ගෙවා ගැනීමට අපහසු බවයි.


කපු ගාස්තුව ගෙවීමට කාලයක් අවශ්‍ය බවද දෙපළ කියා ඇත. පසුව දෙපාර්ශ්වයේ එකඟතාවය මත කොටස් වශයෙන් කපු ගාස්තුව ගෙවීමට එකඟතාවයෙන් ගෙවීමද සිදු කැර සෙසු වාරික කඩිනමින් නොවරදවා ගෙවන බව පොරොන්දු වී පිරිස පොලිස් පොතේ අත්සන් තබා පිටව ගොස් ඇත. 



අදහස් (0)

විවාහයෙන් පසු මනාල යුවළ කපුවාගේ කනෙන් රිංගන්න හදලා

කටුගස්තොට Wednesday, 17 December 2014 03:26 AM

මට නම් හැඟෙන්නේ මේ මනාල දෙපාර්ශවය හොඳින් ගැලපෙන බවයි (නදී)

:       0       0

පිටිගල Wednesday, 17 December 2014 01:42 PM

තව පොඩ්ඩෙන් කපුවා කපෝති! (නදී)

:       0       0

ඇසිලින් Thursday, 18 December 2014 04:01 PM

පුදනකොටම අනා ගන්නවා කියන්නේ මේවට තමයි (නි)

:       0       0

ධම්ම Wednesday, 17 December 2014 05:50 AM

පොරොන්දුවක් උනා නම් එය කලට වෙලාවට ඉෂ්ඨ කරන්න ඕනෑ.(නදී)

:       0       0

සිසිර Wednesday, 17 December 2014 05:58 AM

අපෝ කපුවන්ට කියලා ඇයි කෙල්ලෝ හොයා ගන්නේ ? (නදී)

:       0       0

අනීසා Wednesday, 17 December 2014 06:10 AM

කපුවා හරි. ඒ ගොල්ලෝ දැනගන්න වෙනවා කතාකරගත්තු විදියට කරන්න (නදී)

:       0       0

පුණ්‍යසෝම Saturday, 20 December 2014 07:27 PM

මම හිතන්නේ මනාල යුවළ හරි. දැන් බැඳලත් ටිකක් කල්ගිහින් නිසා දෙන්නටම දැන් හිතිලා ඇත්තේ තමාට මේ අපරාධය කළ කපුවගෙන් කීයක්හරි ගත්තා නම්......කියලා වෙන්න ඇති. (නි)

:       0       0

රන්ජිත් Saturday, 20 December 2014 11:43 PM

කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. (නි)

:       0       0

රන්ජිත් Saturday, 20 December 2014 11:43 PM

අනිවාර්යයෙන්ම මේ දෙන්නා නම් පැනලා යන දෙන්නෙක්. (නි)

:       0       0

ගුණරත්න Saturday, 20 December 2014 06:04 AM

උසාවියෙන් නියම කළ යුතුයි. කපුවට අයවිය ගාස්තුවට අමතරව තවත් ගාස්තුවක් ගෙවීමට. මොකද මේ වගේ (අනාගත සක්විති යුවලක්) .(හේ)

:       0       0

සරත් Wednesday, 17 December 2014 01:06 AM

නංගියේ, මල්ලියේ, වැඩේ කරගත්තා නම් ගාස්තුව ගෙවන එක තමා වැදගත්. අද කාලේ ඔය ගාස්තුව ශුන්‍ය කරලයි තියෙන්නේ බොහෝ අය (මමත් ඇතුළුව) (නි)

:       0       0

ධනුක Wednesday, 17 December 2014 01:08 AM

ආර්ථික අපහසුතා ඉස්සරහට දාලා තමයි සමහර කපටි මිනිස්සු තමන්ගෙන් සිද්ධවිය යුතු දේවල් මඟහරින්නේ. (නි)

:       0       0

ජෙහාන් Wednesday, 17 December 2014 01:15 AM

අපේ ඥාති සහෝදරියකගේ විවාහයේදී කපුවා මනාල යුවළ පෝරුවෙන් බහිනකොටම දෙපාර්ශවයේම ගාස්තුව සාක්කුවට දමාගෙන තමයි එළියට බැස්සේ. ඊට කලින් ලියාපදිංචි කිරීමේදී බලෙන්ම ගෙදර උත්සවයට ගොඩවැදිලා අත්තිකාරමක් ගත්තේ යුවලට සෙත් පතන්න වැඩිය ස්වාමින් වහන්සේත් වැඩ සිටියදී. ඔන්න සමහර කපුවන්ගේ හැටි. ඊටකලින් අපේ පවුල් වල විවාහ 2ක් එයා සම්බන්ධ කරලා ගාස්තුවත් ගානට වෙලාවට අපි කිසිම අඩුවක් නැතුව ගෙවලා තියෙද්දී තමයි ඔය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 497 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 645 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 927 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 704 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1171 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 914 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site