IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නයකුයැයි කියා හැවට බයවෙලා මරන්න දුරකතනයෙනුත් උපදෙස් අරන්

තම නිවසේ උඩුමහල කුලියට දී පහත මහලේ තනියම වෙසෙන තරුණයෙකි. හෙතෙම සර්පයින්ට ඉමහත් බියක් දක්වයි. ගැරැඬියෙක් වත්තට පැමිණියත් උඩමහලේ කුලී නිවැසියාට දන්වා ඌ එළවා දැමීමට උදව් ඉල්ලීම ඔහුගේ සිරිතය.
දිනක් කුලී නිවැසියාට රාත‍්‍රිය තම මිතුරකුගේ නිවසේ ගත කිරීමට සිදුවිය. රාත‍්‍රී දහයට පමණ ඔහුගේ ජංගම දුරකතනය නාදවූ අතර ඇමතුම නිවසේ අයිතිකරුගෙන් බව හඳුනාගත් ඔහු ”ඔව් මල්ලී කියන්න” යැයි පැවසීය.
”අනේ අයියේ මල් පෝච්චියේ නයෙක් ඉන්නවා. පල්ලෙහාට එනවද” යැයි තරුණයා විමසීය.
”අනේ මල්ලී මම ඉන්නේ යාළුවෙකුගේ ගෙදර” යැයි පැවසූ විට, ”අයියේ මූ ගේ ඇතුළට යයිද දන්නැහැ” තරුණයා බියපත් හඬකින් පැවසීය.
”හරි හරි බයවෙන්න එපා. තාප්පෙ අයිනේ දිග කෙක්කක් තියෙනවා නේද? ඒක අරගන්න. ගේ ඉස්සරහා පොල් ගහේ මම දැක්කා වේලිච්ච පොල් ඉත්තක් වැටිලා තියෙනවා. ඒකෙන් පොල් කොළ ටිකක් කඩලා පන්දමක් හදාගෙන කෙක්කට බඳින්න. ගේට්ටුවේ ලියුම් පෙට්ටිය ඇතුළේ ගිනි පෙට්ටියක් ඇති. ඒකෙන් පන්දම පත්තුකරලා, ගිනි ගන්න හුළු අත්ත නයාට අල්ලන්න” යැයි පැවසීය.
දුරකතනය විසන්ධි විය. විනාඩි කිහිපයකින් නැවතත් කුලී නිවැසියාගේ දුරකතනය නාද විය. එවිට ඔහු ”මොකද මල්ලී උනේ නයා දිව්වාදැයි” ඇසීය. ”ආ අයියේ ඌ නයෙක් නෙමේ. සර්ප හැවක්” යැයි තරුණයා සිනාසෙමින් පැවසීය. ”එහෙනම් ගුඞ් නයිට්” යැයි පැවසූ කුලී නිවැසියා දුරකතනය නිවා දැමීය. මෙය රාගම නගරයෙන් අසන්නට ලැබුණි.
 



අදහස් (0)

නයකුයැයි කියා හැවට බයවෙලා මරන්න දුරකතනයෙනුත් උපදෙස් අරන්

යොහාන් Wednesday, 19 June 2013 12:22 PM

ගාමිණී,මම ලඟත් චුටි මුගටි පැටියෙක් ඉන්නවා. ඌවත් යවමු අර මල්ලිට.(නදී)

:       0       0

අමිළ Wednesday, 19 June 2013 12:29 PM

මෙහෙමත් ගැරඩියෙක්.(නදී)

:       0       0

ලලිත් Wednesday, 19 June 2013 12:58 PM

හොද වෙලාවට දුරකතනයක් තිබුනේ. ඔය තරුණයා අවරුදු 20 කට පෙර හිටියා නම් හිතාගන්නවත් බැහැ මොනවා කරගනිවිද කියලා. (නි)

:       0       0

සරත් Friday, 21 June 2013 05:12 PM

යොහාන්, ගාමිණි කියන සුහද මාරුවට ඔයා කැමති වෙන්න. එයා කියන විදිහට එයාගේ හෝතඹු පැටියා ඔයා අරගෙන හුරතල් කරන්න. ඔයාගේ මුගටි පැටියා එයාට දෙන්න (නි)

:       0       0

සමීර් Wednesday, 19 June 2013 05:31 PM

කැලණිය පැත්තේ ඉන්නවාලු විෂඝෝර නයෙක්. ඌත් නිතරම හැව අරිනවා , කට අරිනවා, මිනිසුන්ව පරලොව අරිනවා. (නි)

:       0       0

රූපවතී Wednesday, 19 June 2013 05:42 PM

මමත් මේ හා සමාන කෙනෙක්. ඇයි මන්ද ?මම කුඩා කාලේ ඉදන් පණුවන්ට, දලඹුවන්ට බයේ ජීවත් වෙන කෙනෙක්. කුඩා කාලේ අම්මගෙන් බැනුම් අහන්න බැරි නිසා, කුඹුරට යනවා සියල්ලම එක්ක තණකොළ ගලවන්න. දලඹුවෙක් දැක්කොත් දුවනවා අල්ලපු ලියදි වලත් කට්ටිය දුවන් එනවා නයෙක්වත් කාලද අර කෙල්ල දුවන්නේ කියලා. අදටත් පලා මිටියකවත් , පලතුරු ගෙඩියකවත් පණුවෙක් දැක්කොත් හූ කියනවා. ඒක ඉබේම සිදුවෙනවා. (නි)

:       0       0

සරත් Friday, 21 June 2013 11:46 PM

ඔව් ඔව් මටත් ආරංචි වුනා, පහුගිය දවසක රන්දි තවත් කට්ටියක් එක්ක ගම්පහ පැත්තේ ඇලක නනා ඉදලා පොලිසියෙන් අල්ලාගෙන ගීයා කියලා! කවදද අවේ! (නි)

:       0       0

ගාල්ලේ සංජීව Wednesday, 19 June 2013 01:59 PM

යොහාන් ගේ මුගටි පැටියා දෙන්න වෙන අහල පහල කවුරුත්ම නැද්ද?? මේ මල්ලිටම දෙන්න හදන්නේ. (නි)

:       0       0

ගාල්ලේ සංජීව Thursday, 20 June 2013 08:34 AM

රුපවති, පැණි හඳේ යන දවසට ලොකු හූවක් ඇහේවි.(නදී)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 19 June 2013 02:10 PM

යොහාන් මල්ලී, ඔය හැව ඇරපු නයා නැවත එනවා එනවාමයි! ඒ නිසා සුහද මාරුවක් කරගනිමු. ඔබෙන් මුගටියා,මගෙන් හෝතඹුවා.මේ දෙන්නම දෙමු. බිත්තරත් මගේ ගානේ. මම ණයා අල්ලා ගන්නම් ඔබ හැව ගන්න.මට ප්‍රශ්නයක් නැහැ දෙකෙන් එකක් ඔබම තෝරා ගන්න.මේවා සෑහෙන්න බොන්න ඕනෑ ප්‍රශ්න. (නි)

:       0       0

අකිල Wednesday, 19 June 2013 10:11 AM

අනේ අනිච්චං! නයි නළගන ආවා නම් එයාවත් ගෙට ගනීවි. (නි)

:       0       0

හේමන්ත Wednesday, 19 June 2013 10:15 AM

නොදන්නා දෙයකට උපදෙස් ගැනීම හොඳයි. නමුත් විමසිලිමත් වීම හා පරික්ෂාකාරී බව ඊටත් වඩා හොඳයි. (නි)

:       0       0

උපාලි Wednesday, 19 June 2013 10:24 AM

මේ මනුස්සය හරිම මෝඩයිනේ. හැව ඇතුල තනිකරම හිස් නේ. ටිකක් ඕනෑකමින් බැලුවා නම් පේනවා ඇතුල හිස් බව. ඔන්න හැව ඇතුලේ පිරිලා තිබුනා නම් ඇත්ත සර්පයෙක් කියලා හිතන්න තිබුනා. එහෙම වෙලත් සර්පයො අඳුනා ගන්න බැරි අවස්ථා නැතුවා නෙමෙයි. සමහර විෂඝෝර සර්පයො පිටත සුදු හැවට යටින් හොඳට කඳ මහතට පේනවා. ඒත් අපි උන්ව අඳුනා ගන්නෙ නැහැ. (නි)

:       0       0

සරසි Friday, 21 June 2013 07:30 PM

වනචරකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා යොහාන් මුගටි පැටියෝ. (නි)

:       0       0

වරුණ Friday, 21 June 2013 09:20 AM

මේ වගේම දෙයක් පානදුරේ මාලමුල්ලෙත් වුනා (නි)

:       0       0

සරත් Friday, 21 June 2013 03:18 PM

රුපවති අක්ක වෙවේ දියබුන් ගහනකොට පණුවෙක් එහෙම හිටියොත් මොකද කරන්න! හූ කියල ගොඩ එනවද?(නදී)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 19 June 2013 11:00 AM

මොනවා උනත් පව් අප්පා! ඒ මල්ලී සර්පයින්ට හුඟක් බය නිසා මට පුළුවන් උදව්වක් කරන්න. අපේ වත්තේ මුගටියෝ, හොතම්බුවෝ රෑනක් ඉන්නවා. සර්පයෝ,ගිලිනවා. ගොලුබෙල්ලන්ගේ ජුස් බොනවා. සර්පයෙක් අද වෙනකන් දැකලා නැහැ. කැමති නම් මල්ලිට මුගටි පැටියෙක් දෙන්නම් ඇති කරන්න.(නදී)

:       0       0

සංජීව Wednesday, 19 June 2013 11:04 AM

දාන්න වෙන දෙයක් තිබුනෙම නැද්ද?(නදී)

:       0       0

රූපවතී Saturday, 22 June 2013 08:16 AM

සරත්, ආ මටත් ආරංචියි සරතුත් එතන මාර ගහක් යට ඉදන් බලන් ඉදලා පොලිසියෙන් අල්ලගත්තා කියලා. ඒ ඇලේ නාපු හැමෝම ඔයාලගේ ගමෙලු නේද?(නදී)

:       0       0

චන්දි Wednesday, 19 June 2013 11:14 AM

ඔය වගේම තමයි දැන් ඉන්න මනුස්සයෝ අදුනගන්නත් බැහැනේ නේද ?(නදී)

:       0       0

වරුණ Wednesday, 19 June 2013 11:25 AM

මාරු උපදෙස් ටික. ඇත්තටම ඌ නයා වුනා නම් හුළු අත්ත පත්තු කරගෙන එනකන් පුටුවක් උඩට වෙලා පත්තරේ බල බලා ඉදී .අනේ හැබැට මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ රටේ? (නි)

:       0       0

රන්දි Friday, 21 June 2013 09:15 PM

සරත්, පරිස්සමට වැව අයිනේ කොහිල වලේ හැංගිලා ඉන්න කොටත්, සර්පයෝ කයි. එහෙම උනොත් පව් ඔයා. පහු ගිය දවසකත් ඔයා කොහිල වලක ඉදන් වැටි වැටී දිව්වලු මෝටර් සයිකලෙත් දමලා.(නදී)

:       0       0

පහන් Wednesday, 19 June 2013 10:19 PM

අපේ සර් කෙනෙක් හිටිය හරි කයිවාරුකාරයා.පිස්සු බල්ලෙක්ට වෙඩි තිබ්බ වැදුනේ නැහැ අපිට කිව්වා අල්ලලා බැදල දෙන්න වෙඩි තියන්නම් කියලා. අපිත් ඒකාලේ බරපතලකමක් තේරෙන්නේ නැහැ අපි මන්දක් ගහල බල්ලව අල්ලලා බැදල දුන්නා. සර් ඇවිල්ල වෙඩි තිබ්බා වැදුනේ ලනුවට බල්ලා පැනල ගියා.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Wednesday, 19 June 2013 10:26 PM

අනේ රූපවති, ඔයා ඔයා විදිහට පණුවන්ට බයනම් ඉස්සරහට ලොකු ප්‍රශ්නයක් වේවි. (නි)

:       0       0

සරත් Saturday, 22 June 2013 05:03 PM

එන ඔව් රූපවතී අක්කේ! මම හැමදාම බලාගෙන ඉන්නවා නාඹර ගැටිස්සියක්වත් නාන්න එයිද කියල! කෝ ! හැමදාම එන්නේ එකම කෑලි තුනම තමයි ! ( රූපවතී,රන්දි,චන්දි) දුක තමඊ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 474 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 642 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 922 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 699 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1170 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 914 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site