‘‘යහන මත ආදර බස් දොඩවමින් බිරියගේ කර අත ගාමින් සිටි සැමියා බිරියට නින්ද ගිය පසු ඇය පැළැඳි එක් කරාබුවක් සොරා ගැනීමේ සිද්ධියක් පිළියන්දල බටකැත්තර ප‍්‍රදේශයෙන් වාර්තාවේ.’’ සිද්ධිය සැකෙවින් මෙසේය., සැමියා පෙදරේරු වෘත්තියේ යෙදෙන්නෙකි. බිරිය පෞද්ගලික ආයතනයක ආහාර පිසින්නියකි. තමා හම්බ කරනා සේසතම බීමට වැයකරන්නෙකි. ඇතැම් දින වල ගෙදර එන්නේ ද හතර ගාතෙනි. හදිසියේම අසනීප වූ ඔහුට එදින රැකියාවට යාමට නොහැකි විය. සවස් වන විට බීම සිහිපත් විය එහෙත් අතේ සතයක් වත් නැත. හොර මත්පැන් හලෙන් ද ණයට මත්පැන් ඔහුට නොදෙන්නේ ඒ වන විට රුපියල් හාර දහස් ගණනක් ගෙවිමට ඇති හෙයිනි. කළ යුතු එකම දෙය බිරිය රැුකියාව නිමවා ආ පසු මුදලක් ඉල්ලා ගැනීමය. එම උත්සහාය ද නිෂ්ඵල විය. ඔහු දස අතේ කල්පනා කළේය. අපූරු නුවණක් පහළ විය. වෙනදාටවත් වඩා වේලාපහින්ම බිරිය සමඟ එකට ආහාර ගැනීමට ද ඔහු කල්පනා කළේය. එලෙසම නිදා ගැනිමට දෙදෙනාම යහනට ගියේය. මද වේලාවකින් බිරියගේ කර වටක් අත යවා ඇයගේ දකුණු කන ඉතා සියුමැලි ලෙස පිරිමැද්දේය. අධික තෙහෙට්ටුව නිසාම බිරියට මොහොතකදී නින්ද ගියාය. දකුණු කණේ කරාබුව ඔහුගේ අතට පත්විය. කරාබුව රුපියල් පන්දාහකට උගස් කළේය. හොඳට බිව්වේය. බිරිය පසුදා රැකියාවට ගියාය. දකුණු කනේ කරාබුව නැති බව දුටු වේ යෙහෙළියකි. පිළියන්දල පොලිසිය දක්වා මේ සිද්ධිය ගියේය.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නිදාගෙන සිටි බිරියගේ කරාබුව ගලවාගෙන සැමියා ‘‘ෂොට් එකක්’’ දාන්න ගිහින්
indika Monday, 16 April 2012 09:33 AM
මහත්තයයි නොනයි දෙන්නම සෙටිවෙලා ‘‘ෂොට් එකක්’’දාගත්තනමි ඉවරයිනේ........