(හොරොව්පොතාන - පැතුම් දර්ශන)
පොසොන් පොහෝ දින බත් දන්සලක් සංවිධානය කළ හොරොව්පොතාන ප්‍රදේශයේ තරුණ පිරිසකට අමුතුම ආකාරයේ අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු වී ඇත.
සිද්ධිය මෙසේය,
මෙම තරුණ පිරිස පොහෝ දින බත් දන්සල පැවැත්වීමට සූදානම් වී ඒ සඳහා අවට සිටින ව්‍යාපාරිකයන්ගෙන් හා යමක් කමක් ඇති අයගෙන් ආධාර ලබා ගැනීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන්ට සති කීපයකට පෙර මතක් කිරීමක්ද සිදුකොට ඇත.
එහිදී සියලු දෙනා පවසා ඇත්තේ එවැනි දේකට ආධාර දීමට තමන් ඉතා කැමැති බවත් පොහොය දිනට පෙර දින පැමිණෙන ලෙසත්ය. ඒ අනුව දන්සල පැවැත්වීමට පෙර දින මුදල් ආධාර එකතු කිරීමට ගිය තරුණ පිරිසට පොරොන්දු වූ පරිදි ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තරුණයන් ආධාර කළ අතර එක් අයෙකු පමණක් අමුතුම තාලයේ ආධාරයක් ලබාදී ඇත. “මල්ලී ඔයාලා දන්නවනෙ මගේ බිස්නස් එක, මට කරන්න පුළුවන් ආධාරය තමයි මම කරන්නෙ. මෙතන පැකට් දෙකක් තියනවා. මම එකක් විකුණන්නෙ පන්සීය ගානේ. ඔයාලා මේ දෙක අරන් ගිහින් කාට හරි විකුණලා දන්සලට රුපියල් දාහක් ගන්න” යැයි පවසා ගංජා පැකට් දෙකක් තරුණයන් අත තබා ඇත. එම සිදුවීමෙන් එම තරුණ පිරිස අන්දුන් කුන්දුන් වී ඇති මුත් දන්සලට ලැබුණු ආධාරයක් නිසා ප්‍රතික්ෂේප කොටද නොමැති බවට වාර්තා වේ.
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දන්සලට ආධාරයට ගංජා පැකට් දෙකකුත්
අබය Tuesday, 28 June 2016 10:20 PM
නොගෙන ඉන්නෙත් නැහැ. ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. (නි)
උපාලි Wednesday, 29 June 2016 02:49 PM
මේ බඩු දීපු කෙනානම් නියම මනුෂ්‍යයෙක් (නි)
සිරිපාල Wednesday, 29 June 2016 04:19 AM
හපෝ ඕක නම් විකුණන එකක් නැහැ. අනික දන්සැලට නිදිමරන්නත් එපැයි (නි)