
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෙරළබඩ පොලිසියේ නිලධාරීන් 10දෙනෙකුට කොරොනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් වෙරළබඩ පොලිසිය තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය කියයි.
පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා වයිරසය එම නිලධාරීන්ට ආසාදනය වී ඇති බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු වෙරළබඩ පොලිසියේ නිලධාරීන් 83 දෙනකු ස්වයං නිරෝධායනයට ලක්කර ඇති අතර එම පිරිස පී. සී. ආර්. පරීක්ෂණවලට ලක් කර ඇත.
වරාය පොලිසිය සහ කොටහේන පොලිසිය වෙරළබඩ පොලිසියේ රාජකාරි කටයුතු ආවරණය කරනු ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙරළබඩ පොලිසිය මොන එහෙකට පෑලියගොඩ ගියාද, වෙරළෙන් මාළු අල්ලගන්නෙ නැතුව...