(ඔගස්ටින් ප්‍රනාන්දු)
කොරෝනා වසංගතයෙන් හලාවත ජනතාව මුදා ගැනීම අරමුණු කර ගනිමින් මේ මස 21 වන දින ( හෙට) සිට සතියක කාලයකට හලාවත පොදු මාළු වෙළදපොළ වසා දැමීමට තීරණය කළ බව එහි ලේකම් කේ.පී.චන්දන කුමාර මහතා කීය.

හලාවත මාළු වෙළපොළ තුළට පැමිණි 50 දෙනෙකු පසුගිය 17 වන දින අහඹු ලෙසින් පි.සී.ආර්. පරික්ෂණයකට ලක් කළ අතර ඉන් සිව් දෙනෙකු කොරෝනා රෝගින් බවට හදුනා ගෙන එම වෛද්‍ය වාර්තාව අද ( 20 ) ලද බැවින් මෙම තීරණය ගත් බවත් ඒ මහතා කීය.
මේ අනුව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හා පොලිසිය එක්වී අද ( 20) නගර සභාවේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාළු වෙළදපොළ මෙසේ සතියක කාලයකට වසා දැමීමට තීරණය කළ බවත් මේ අනුව ධීවරයින්ට සිය මත්ස්‍ය අස්වැන්න නගරයේ ධීවර තොටුපල වල ද අලෙවි කළ හැකි බවත් කීය.
COMMENTS
අපරාදේ අමුවෙන් කුම්බලාවෝ කාලා ලෝක පූජිත වුනේ.