
(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
කොරෝනා වසංගතයේ දෙවෙනි රැල්ලෙන් හලාවත ජනතාව බේරා ගැනීමේ අරමුණින් අද (21) උදෑසන සිට සතියක කාලයකට හලාවත පොදු මාළු වෙළඳපල වසා දැමේ.
හලාවත නගර සභාව පොලිසිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදී මෙසේ මෙම මාළු වෙළඳපල වසා දැමීමට තීරණය විය.
වෙළඳපලට කිසිවකුටත් ඇතුළු විය නොහැකි ලෙසින් පොලිසිය මුර සේවාවක් යොදා තිබුණත් ඇතැම් මත්ස්‍ය ව්‍යාපාරිකයින් වෙළඳපල තුළ සිටිමින් මාළු අලෙවි කරනු දැකගත හැකිවිය.
සිල්ලර මාළු වෙළෙඳුන් කිසිවකුත් වෙළඳපල තුළ මාළු අලෙවි කිරීම සඳහා පැමිණ සිටියේ නැත.
මේ අතර ඇතැම් මත්ස්‍ය ව්‍යාපාරිකයින් නගරය තුළ වෛද්‍ය උපදෙස් නොතකා මාළු කරමින් සිටිනු ද දැක ගත හැකි විය. මාළු මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයින්ද ගුලි ගැසෙමින් රැස්වී මාළු මිලදී ගැනීමට එම ස්ථානවල රැඳීසිටිනුද දැකගත හැකිවිය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.