
(මංගල එදිරිසිංහ)
හොරණ කදන්හේන කොවිඩ් රෝගියාගේ බිරිද රාජකාරී සිදු කළ හොරණ මූලික රෝහලේ පස් වන වාට්ටුවේ සෞඛ්‍ය සේවා නිලධාරිනියක් අද (8) සවස කොවිඩ් ආසාධිත තත්වයට පත්ව ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.
පෙරේදා හොරණ මූලික රෝහල මගින් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රතිඵල අද සවස නිල වශයෙන් ලැබී තිබූ අතර ඒ අනුව කොවිඩ් ආසාදිත වූ මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ යාල ග්‍රාමයේ පදිංචි සෞඛ්‍ය සේවා නිලධාරිනියක් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදී.
තව දුරටත් මේ පිළිබදව අදහස් දැක්වූ වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවේ මේ තත්වය මත ඇගේ නිවැසියන් ස්වයං නිරෝධායන සදහා යොමු කිරීමටත්, ඇය ආශ්‍රය කළ පිරිස් සොයා ඔවුන්ව එම නිවෙස්වල නිරෝධායනය කිරීමටත්, ඇය ගමන් කළ ප්‍රදේශයේ කඩ කිහිපයක් තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බවත්ය.
අගුරුවාතොට පොලිසීය, මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, හොරණ මූලික රෝහලේ සහය ඇතිව කොවිඩ් ආසාධිත නිළධාරිනියව ගිලන් රථයක් මගින් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යැවීමට කටයුතු කරන ලදී.
COMMENTS
සති දෙකක් වැහුවා නම් හොඳයි නේද? නැත්නම් ඉන්දියාවේ වගේම වෙයි.