(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

හබරාදුව තල්පෙ අත්තර ගොඩින් ඉකුත්දා සොයාගත් කොරෝනා ආසාදිත පුද්ගලයා සමීපව ඇසුරු කළ පුද්ගලයන් 32 ක් ඊයේ (14) පී.සී.ආර් පරීක්ෂණයට ලක්කළ බවත් ඒ සම්බන්ධයෙන් අද (15) නිකුත් වූ වාර්තා වලට අනුව ඔවුන් සියලු දෙනාම කොරෝනා ආසාදිතයන් නොවන බවට තහවුරු වූ බවත් හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.

මෙම උපදේශකයාගේ මව සහ බිරිඳ ඇතුළු 16 දෙනෙක් කොරෝනා ආසාදිතයන් දැයි සොයා බැලීම සඳහා පරීක්ෂාවට ලක්කළ අතර එම පරීක්ෂණ වලට අනුව එම පිරිසද කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා කීය.

කෙසේ වෙතත් මෙම පිරිස දෙවන වරටත් පි.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට අදහස් කරන බවද වෛද්‍ය සිරිවර්ධන වැඩිදුරටත් කීය.