
(ඉන්දිකා රාමනායක)
රෝහල් කිහිපයක කණිෂ්ඨ සේවක කර්ය මණ්ඩල දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවන් වලක්වා ගැනීම සදහා යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනකු සමග 185 ක භට කණ්ඩායමක් යොදවා ඇති බව යුද හමුදාව පවසයි.
යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත, මෙම පිරිස යොදවා ඇති බවත්, කොළඹ, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රිකවල පිහිටි රෝහල් වල 14 ක වැඩවර්ජනයෙන් මහජනයාට අපහසුතාවක් නොවන අයුරින් මොවුන් වැඩ ආවරණය කරන බවද හමුදාව සඳහන් කරයි.
කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, අක්ෂි රෝහල, තලංගම රෝහල, අවිස්සාවේල්ල දිසා රෝහල, හෝමාගම දිසා රෝහල, පුත්තලම මුලික රෝහල, මාරවිල දිසා රෝහල, හලාවත දිසා රෝහල, කුරුණෑගල මුලික රෝහල, පොල්පිතිගම දිසා රෝහල, ගල්ගමුව දිසා රෝහල, දඹදෙණිය දිසා රෝහල, නිකවැරටිය දිසා රෝහල යන රෝහල් වෙත මෙම හමුදා භට කණ්ඩායම් යොදවා ඇති බවද හමුදාව සඳහන් කරයි.
14 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ජී.එස්. සෙනරත් යාපා අධීක්ෂණය යටතේ, 14 පාබල සේනාංක මුලස්ථානය යටතේ ඇති ඒකකවලට අයත් නිලධාරීන් දෙදෙනකු සමග භටයන් 185 දෙනකු මෙලෙස රාජකාරි සදහා අණුයුත්ක කර ඇත.
කොළඹ ජාතික රෝහලේදී හමුදා සාමාජියන් රෝගී කාන්තාවක් රෝද පුටුවකින් තබා වාට්ටුවක් වෙත රැගෙන යන අයුරු ඡායාරූපයෙන් දැක්වේ. යුද හමුදා මාධ්‍ය ඒකකයෙනි.
COMMENTS
අපේ ලොකු සර් ශවේන්ද්‍ර සර්ට කියලා වැඩේ ගොඩදායි. හැබැයි ඔක්කෝටම වැඩිය හොඳයි ඉස්පිරිතාලවල්වල යුද්ධයක් හදලා බාර දුන්නා නම්... මොකද සර්ම කිව්වනේ යුද්ධයක් තිබ්බොත් ගේමක්ම නෑ කියලා. රෙස්පෙක්‍ට් සර්..
මේ වර්ජනයට හේතුව කුමක්ද?
රවීන්ද්‍ර සමග මම එකඟයි. මහජනයා වඩාත්ම පීඩාවට පත්කරන රෝහල්, දුම්රිය සහ බස් සඳහා යුද හමුදා කණ්ඩායම් පුහුණුකර සූදානමින් තැබිය යුතුය. එවිට මේ අයගේ වැඩ වර්ජනය බල්ලා මාර්ක් වනු ඇත.
නියමයි, තවත් වැඩ වර්ජන නොකරන්න මේක හොඳ දෙයක්...