
කොරෝනා වයිරසය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 708 දෙනෙකු අද (18) සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අතරින්, 146 දෙනෙක් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් සුවය ලබා පිටව ගොසිනි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 27,061 දක්වා ඉහළ ගොස් ඇත.
අද උදෑසන 10.00 වනවිට කොරෝනා බවට සැක සහිත රෝගීන් 428දෙනෙකු රෝහල්ගතකර ඇත.
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 35,387 ක් වන අතර, 160 දෙනෙකු මිය ගොසිනි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.