කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 701 දෙනෙකු සුවය ලබා අද (17) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව සුවය ලැබූ ආසාදිතයන් ගණන 26, 353 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේදී වැඩිම ආසාදිතයන් ගණනක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙනි. එම ගණන 105 කි.

ආසාදිතයෝ 8,22 4ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ වනවිට ආසාදිතයන් 34,737 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති අතර, 160 දෙනෙකු මිය ගොසිනි.