
කොරෝනා වයිරසය හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 378 දෙනෙකු සුවය ලබා අද (13) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 11,031 ක් විය.
මේ වනවිට 4,644 දෙනෙක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
අද දිනයේදී වැඩිම ආසාදිතයන් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ බිංගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර, එම ගණන 99 කි.
සුවය ලබා අද පිටව ගිය අය අතර කිසිදු විදේශිකයෙක් නොවේ.
ශ්‍රී ලංකාවෙන් මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වූ සමස්ත සංඛ්‍යාව 15,723 ක් වන අතර, මේ වනවිට 48 දෙනෙකු මිය ගොසිනි.
COMMENTS