(රංජන් කස්තුරි)
රටේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන කටයුතුවලට අත්තනෝමතික ලෙස මැදිහත්වීමෙන් වළකින්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.
කොතලාවල පනතට විරුද්ධ වන්නේ නොදැනුවත්කම නිසා යැයි ජනාධිපතිවරයා කරන ප්‍රකාශ මහජනතාව නොමඟ යැවීමක් යැයිද එම සමිති සම්මේලනය කියයි.
කොතලාවල විශ්ව විද්‍යාලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගන්නා බවක් ජනාධිපතිවරයා ප්‍රකාශ කළද එවැනි ලේඛණයක් නැතැයිද එම සමිති සම්මේලනය සඳහන් කරයි.
කොතලාවල පනතට මහජන විරෝධය තීව්‍රවන පසුබිමක විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරණයට හා මිල්ටරීකරණයට උත්සාහ ගනිමින් විශ්ව විද්‍යාල පනතට තාවකාලික සංශෝධන ඉදිරිපත් කිරීමට රජය උත්සහ ගන්නා බවද එම සමිති සම්මේලනය කියයි.
COMMENTS
ලංකාවේ උසස් අධ්‍යාපනය ඉතාමත් ඉහළ තත්වයක තියෙන්නේ. ඉතින් අත තියන්න හොඳ නෑ. මම නම් ඉතා කැමැතියි රජයේ විවිධ වරලත් උපාධි වලට කුඩා හෝ මුදලක් අය කරනවට. එහෙම කළාම රැකියා වෙළෙඳපළක් ඇති උපාධි වලට සිසුන් යයි. දැන් මහා පරිමාණයෙන් උපාධිදාරීන් බිහි කරන කලා උපාධිවලට සිසුන් අඩුවෙයි. ඒකෙන් රැකියා විරහිත උපාධිදාරීන් ගණන අඩුවෙයි.
ඔය පනතට මහජනයාගේ විරෝධයක් නැහැ. "විරෝධය" තියෙන්නේ වෘත්තිය සමිති කීපයක් පමණයි...
ඔව් ඔව්. මේ ජරාජීර්ණ වුණු, නවක වදය වැනි පසුගාමී සහ තිරිසන් ක්‍රමවේද සහ සංකල්ප ඉදිරියටම සරසවිවල පවත්වා ගෙන යමු. ආචාර්යවරුන්ගේ පුද්ගලික හිතවත්කම් සහ ලැදියාවට "ක්ලාස්" දීමේ මජර ක්‍රමයම පවත්වා ගෙන යමු. ජවිපෙ සහ පෙරටුවන්ගේ ත්‍රස්තවාදී, මැරකම්, ඔවුන්ට එකඟ නොවන සිසුන්ට මුදා හැරීමට තව දුරටත් ඉඩ සලසමු. පුද්ගලික සරසවි එපා කියමින් තමන්ගේ දරුවන් විදෙස් පුද්ගලික සරසවිවල උසස් අධ්‍යාපනය සඳහා පිටත් කර යවමු. වෘත්තිය භාවයක් නැති උද්ධච්චකම විතරක් ඇති නිර්මාණශීලීත්වයෙන් තොර තරුණ පරපුරක් ඉදිරියටත් බිහිකරමු.
ආවේ ඇතකු පිට නැග. අධිමානෙන්ය.. කෙරුවේ මොනවදෝ දන්නෝ. දන්නේය... තමන් නොදන්නා බව නොදන්න මිනිස්සුන්ය.. ඇතා නොමැත යන ගමනත් දෙපයින්ය..
ටියුෂන් වලට ප්‍රයිවට් කැම්පස් වලට වඩා වියදම් වෙනවා. එයටත් මොකක් හරි කියන්නකෝ ...
ඔයගොල්ලන්ගේ අධ්‍යාපනය ඔය ගොල්ලෝ ඕන විදිහකට කරගන්න. දවස් 365ම පාරේ සිටියාට අපිට කමක් නැත. 1. අපිට ඔබලාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ නඩත්තුව තවදුරටත් කරන්න බැහැ. හේතුව අපේ ළමයි ඉගෙන ගන්නේ මුදල් ගෙවලා පෞද්ගලික පාසල්වල... එම නිසා රජයේ විශ්වවිද්‍යාල අධ්‍යාපන නඩත්තුව සඳහා මුදල් අයකරන්න. 2. පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන දසදහස් ගණනක් ළමයින්ට රජයේ වෛද්‍ය විද්‍යාලයට හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඇතුළත් වීමට ඉඩ නැත. එමනිසා ඔවුන්ට රටට බරක් නොවී මුදල් ගෙවා ඉගෙන ගන්න පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට හෝ විශ්වවිද්‍යාල විවෘත කරදෙන්න. එය ඔවුන්ගේ මානව හිමිකමක්. එසේ ඉගෙන ගන්න ඔවුන් රටට බරක් නොවී රැකියාවල් සඳහා අපේ ආශීර්වාදය ලබා මෙරට අත්හැර යනු ඇත.
අධ්‍යාපනය බලන්න ඇමැතිවරු 2-3ක් ඉන්නකොට මේ නූගත් ජනාධිපතිලා, ආර්ථික ඇමැතිලා, මොනවද අධ්‍යාපනය ගැන කියන්න එන්නේ... ? රටේ ඉන්න උගත් මහාචාර්ය, ආචාර්යවරුනි, දැන්වත් මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නැගීසිටින්න...