
(සමන් පාලිත නානායක්කාර )
ළමයකුට කෝවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමඟ හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ට අයත් සොරගුණේ මහා විදුහලේ දහය බී ශ්‍රේණිය අද (15 ) තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව විදුහල් බලධාරීහු පැවසූහ. 10බී ශ්‍රේණියේ ශිෂ්‍යයකුට සහ ඔහුගේ පියාට කෝවිඩ් 19 ආසාදිත බව තහවුරු වී තිබේ.
මේ අතර එම විදුහලේ උසස් පෙළ පන්තියක ශිෂ්‍යාවකගේ මවටද කෝවිඩ් ආසාදිත බව හඳුනා ගැනීම නිසා උසස් පෙළ අංශයේ සිසුන් කිසිවකු අද පාසලට නොපැමිණි බවද එම විදුහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
10 බී ශ්‍රේණියේ දූදරුවන්ගේ සහ ඉකුත් සතියේ එම දූදරුවන්ගේ පන්තියට ඉගැන්වූ ගුරු භවතුන් අද (15 ) හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd