
(ඉන්දිකා රාමනායක)
පොලිසිය ලබා දී ඇති නියෝග අනුව මෙතෙක් ඉදිරිපත් නොවු මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක පිරිසට සහ ඔවුන් සඟවාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන අනුව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පොලිසියේ නිවේදනය නොකතා මෙම සේවක සේවිකාවන් කිසියම් පිරිස් සගවාගෙන සිටින්නේ නම් එම ස්ථාන තහනම් කරන බවත්, වාහන වලින් ප්‍රවාහන කර ඇත්තේ නම් එම වාහන ධාවනය ද තහනම් කරන බව අජිත් රෝහණ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයේ ආරක්ෂාවට ගරුකිරීමට අපි හැමෝම රටවැසියන් ලෙස බැඳී සිටිනවා. ඒකෙ දෙකක් නැහැ. මේ අය ලොකු පීඩනයකට පත්වෙලාද කියලත් හිතෙනවා. ඒ වගේම අජිත් රෝහණ මහත්මයා වැනි ' හිතවත් ' පොලිස් නිලධාරියෙක්ගෙන් අහන්න මටත් ප්‍රශ්න දෙකතුනක් තියෙනවා. ඇත්තටම ඔය ඇඳුම් නිෂ්පාදන ආයතනයේ සිදුවුනේ කුමක්ද..? දොස්තරවරුම කියනවා මේ වයිරසය සැප්තැම්බර් අවසන් සතියේ මුල ඉඳලාම තිබුණු එකක් කියලා. ඒ වගේම ඉන්දියාවෙන් මේ ෆැක්ටරියට ආවේ ඉන්දියන් ජාතිකයින්ද එහෙ වැඩකරන ශ්‍රී ලාංකිකයින්ද...? චාටර් ගුවන් යානා 3 කින් ගෙනාපු අය "හරිනම්" මේ අය මේ මොහොතේදීත් නිරෝධායන මධ්‍යස්ථානයක සිටිය යුතුයි. ඒ අය සිටින තැන හෝ ඒ අය කවුද කියා හෝ නොකියන්නේ ඇයි...? ලංකාවට පැමිණි වහාම " නිරෝධායනය " නොකරම කෙලින්ම රැකියා ස්ථානයට යන්නට ඔවුන්ට ' ආවරණය ' සැලසූ හිටපු ගුවන්හමුදාවේ ලොක්කයි කියන කොරෝනා සොක්කා දැන් මොනවද කියන්නේ..? ඡන්දෙට අරයාට අරගොල්ලෝ දුන්නු සල්ලිවලට හුවමාරුවක් විදිහට ඉන්දියාවෙන් නොමිලේම කොරෝනා ගේන්න ඉඩ දුන්නද..?
අනේ සාදු... හැමට එකම නීතියක් යටතේ නේද සර්..?
මුලින්ම මාධ්‍යයෙන් දෙන අනවශ්‍ය ප්‍රචාරයන් නවත්තන්න මිනිස්සුන්ගේ හතරවරිගෙම මාධ්‍යයෙන් පෙන්නද්දී කොහොමද ඒ මිනිස්සු එළියට එන්නේ? ඒ නිසා යම්කිසි දිස්ත්‍රික්කයකින් මෙච්චරයි කියලා විතරක් කියන්න මිනිස්සු හැංගෙන්නේ සාධාරණ හේතුවක් නිසයි.
මේ ආයතනවලට සේවක සේවිකාවන් බඳවා ගන්නේ ග්‍රාමසේවක සහතිකයක්වත් නොබලාද? හරි නම් මානව සම්පත් අංශයේ තිබෙන පෞද්ගලික ලිපිගොනුවේ ග්‍රාමසේවක සහතිකයේ ජායාපිටපතක් තියෙන්නම ඕනෑ. එහෙම නොකර ආයතනයකට මිනිස්සු වැඩට ගන්නවා කියන්නෙ වරදක්. පාලන අධිකාරියට පියවර නොගන්නේ ඇයි?
කළින් නම් කිව්වේ බුද්ධි අංශ ඉතාම සූක්ෂමව ක්‍රියාත්මක වෙලා හැම තොරතුරක්ම, හැම පුද්ගලයෙක්ම හොයාගන්නවා කියලා. දැන් මාධ්‍යවලට ඇවිල්ලා නහයෙන් අඬනවා මිනිස්සු හොයාගන්න බැරිව...
ලංකාවේ රෝහල්වල ඉන්න උණ රෝගීන් PCR පරීක්ෂණ කරන්න.
ඡන්දෙදි නගාසිටුවනවා කිව්ව බුද්ධි අංශ තාම නගාසිටුවන්න බැරි වුනාද.?
කොරෝනා අස්සේ මැතිවරණ තියපු අයටත් නීතිය ක්‍රියාත්මක කරනවද?
අන්තිමට අහිංසක මිනිස්සු තමයි වැරැදි කරුවෝ... ලොකු අය බබාලා...
එතකොට මිනිස්සු නැති ගෙවල්වල ගිහින් PHIලා නිරෝධායන ලේබල් ගහලා මාධ්‍ය සංදර්ශන ගහන එකට මොකද කරන්නේ?