
(සිතුම් චතුරංග)
වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයේ පස්දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදිත වී ඇති බවට හදුනාගත් බව වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
වවුනියාව මහ රෝහලේ 14 වැනි වාට්ටුවේ රාජකාරී කළ වෛද්‍යවරුන් දෙදෙනකු , හෙදියන් දෙදෙනකු හා රෝහල් කාර්ය මණ්ඩල සේවකයකු වයිරසය ආසාදිතව හදුනාගෙන තිබේ.
එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ගත් රෝගීන් දෙදෙනකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුටත් පැවසීය.
ආසාදිත වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය හදුනාගත් වාට්ටුවේ සිටි රෝගීන් නිවෙස්වල නිරෝධායනයට යොමුකර ඇති බවත් වට්ටුව වසාදමා විෂබීජ හරණය කිරීමෙන් අනතුරුව නැවත විවෘත කිරීමට පියවරගෙන ඇති බව වවුනියාව මහරෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd