සිතුම් චතුරංග                                          
       

වවුනියාව ,කට්කුලි ප්‍රදේශයෙන් කොවිඩ් - 19 වෛරස ආසාදිත පාසල් සිසුවකු වාර්තාවීමත් සමඟ වවුනියාව නගරයේ පාසල් හතරක් දින නියමයකින් තොරව අද (15) දිනයේ සිට වසාදැමූ බව වවුනියාව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්. රාදාක්‍රිශ්නන් මහතා පවසයි.
       

ඒ අනුව වවුනියාව දෙමළ මහ විද්‍යාලය , දෙමළ මිශ්‍රපාසල පාසල , ගාමිණි ජාතික පාසල හා රම්බකුලම බාලිකා විද්‍යාලය සෞඛ්‍ය අංශයන් හි උපදෙස් අනුව එළෙස වසාදැමූ බව පැවසීය.
       

වවුනියාව දෙමළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලැබූ කට්කුලි ප්‍රදේශයේ පාසල් සිසුවකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී තිබීම හේතුවෙන් හා ගාමිණි ජාතික පාසලේ කොවිඩ් ආසාදිත පුද්ගලයකු ඇසුරු කළ පළමු ආශ්‍රිතයකු ලෙස සිසුවකු හදුනාගැනීමත් සමඟ එම පාසල් හා සෙසු පාසල් වසාදැමීමට තීරණය කල බවද ප්‍රකාශ කළේය.
       

නගරයේ පාසල වසාදැමීම පිළිබඳ නොදැන සිටි දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණි බෝහෝ පාසල් සිසු සිසුවියන් දැඩි අපහසුතාවටපත්ව සිටියහ.


පාසල් වසාදැමීම සම්බන්ධයෙන් පොලිසිය හා සෞඛ්‍ය අංශ උදෑසන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කොට දැණුවත් කිරීම් සිදුකරනු ලැබීය.


වසාදැමුණු පාසල් විෂබීජ හරණය කිරීමට උපදෙස් ලබාදී ඇති බවද වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.