IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


වවිනි⁣යාවේ ගම්මානයක කොටසක් හුදකලා කරයි

 


(සිතුම් චතුරංග)

කොවිඩ් - 19 වයිරසය ආසාදිත ගැබිණි කාන්තාවක හා කිලිනොච්චිය ඉංජිනේරුපීඨයේ සිසුවෙකු හදුනාගැනීමත් සමඟ වවුනියාව පට්ටාන්චූර් ගම්මානයේ කොටසක් නැවත දැනුම්දෙනතුරු  අද(04) උදෑසන සිට හුදකලා කිරීමට පියවරගත් බව වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

පසුගියදා උණ රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව මහරෝහලට ඇතුළුවු ගැබිණි කාන්තාවකගෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී හදුනාගෙන ඇති අතර පසුව ඇගේ නිවසෙහි පුද්ගලයින්ගෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකදී ඉංජිනේරු පීඨ සිසුවා කොවිඩ් 19 වෛරසය ආසාදනයවී සිටියදී හදුනාගත් බව පැවසීය.

ආසාදිතයින් හදුනාගැනීමත් සමඟ ඔවුන් ඇසුරුකළ පුද්ගලයින් හා නිවාස ඇතුළු ස්ථාන රැසක් නිරෝධායනයටලක්කල බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේය.

අදාල කාන්තාව ප්‍රදේශයේ ස්ථාන රැසක සැරිසැරීම හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හුදකළා කිරීමට පියවරගත් බවද කීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් පැවසූයේ ගැබිණි කාන්තාවට කොවිඩ් 19 වෛරසය ආසාදනයවූයේ කෙසේද යන්න මෙතෙක් සොයාගැනීමට නොහැකිවූ බවත්ය.

ආසාදිත කාන්තාව යාපනය ශික්ෂණ රෝහලේ කොවිඩ් 19 වෛරස ප්‍රතිකාර එකකය වෙත ඇතුලත් කිරීමට නියමිතව සිටියහ.

පට්ටාන්චූර් ගම්මානය හුදකලා කිරීම පිළිබඳ නොදන්නා ගම්වැසියන් විශාල පිරිසක් දෛණික කටයුතු සඳහා ප්‍රදේශයෙන් පිටවීමට උත්සහ කළ අතර එම පිරිස් පොලිසිය අවවාද කිරීමෙන් අනතුරුව නැවත නිවෙස්වෙත හරවායවනු ලැබීය.

පට්ටාන්චූර් ගම්මානයේ හා වෛරස ආසාදිත කාන්තාව හා ඉංජිනේරුපීඨ සිසුවා සමඟ සබඳතා පැවැත්වූ තවත් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකිරීම ආරම්භකළ බවද වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය  වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

වවිනි⁣යාවේ ගම්මානයක කොටසක් හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1007 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site