(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
ශ්‍රී ලංකාව පුරා, යම් යම් ප්‍රදේශවලින් විටින්විට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් හමුවී ඇතැයි පැතිර යන කතාවල සත්‍යතාවක් නැති බවද, රෝගියකු හමු වු විට ඒ බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශ කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(13) පැවසීය.
කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
කන්දකාඩුවෙන් හමු වූ ආසාදිතයන් පොකුර හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තවන ආකාරයේ කොරෝනා අවදානමක් ඇති වී නැති බවද, රාජාංගනය සහ වැලිකන්ද වැනි ප්‍රදේශ කිහිපයක පමණක් එවැනි ලක්ෂණ දක්නට තිබූ බවද ජාසිංහ මහතා සඳහන් කළේය.
කොරෝනා ව්‍යාප්තිය මැඩලීමේ ක්‍රියාන්විතයක් රජය ගෙනයමින් පවතින විට, කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවය කළ පිරිස සහ රැඳවියන්, වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරවලට යැවූ අය, නිවෙස් බලා යැවූ පිරිස යන අය දිවයිනේ විවිධ ප්‍රදේශවල නවාතැන් ගෙන සිටියේ නම් එම පිරිස සොයා නැවත කැඳවීමේදී ඇතැම්විට ඇතැම් අය ඔවුන් කොරෝනා ආසාදිතයන් ලෙස වරදවා වටහාගනු ලබන බවද, ආසාදිතයකු බවට හඳුනාගන්නේ එසේ පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු වූයේ නම් පමණක් බවද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
එම පිරිස නැවත කැඳවා පරීක්ෂණ කිරීම ඇතුළු පියවර ගැනීම අත්‍යවශ්‍ය දෙයක් බවද, ඔවුන් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෝ හමුදාව හෝ සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කරන ස්ථාන කොරෝනා ආසාදිතයන් සිටින ස්ථාන ලෙස පිටතට ගම්‍ය විය හැකි වුවද එය නිවැරදි නොවන බව ද පවසමින් ජාසිංහ මහතා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.
යම් කිසි ආකාරයකින් රෝගීන් හමුවනවා නම් හමුවන්නෙ කොතැනින්ද, ඔවුන් කවුද යන්න පිළිබඳව අමාත්‍යංශය පැවසිය යුතු බවත්, එවැනි දෑ ප්‍රකාශ කිරීමෙන් තොරව මහජන සෞඛ්‍ය ක්‍රියාවලියක් පවත්වාගෙන යාමට නොහැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
වීඩියෝව- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යමි යමි කඩේ... හිතේ සතුටින් යමි කඩේ...
මේ මනුස්සයා මොනවද මේ දොඩවන්නේ? බලන්න ලංකාවේ කී තැනකින් කොරෝනා ලෙඩ්ඩු හම්බවෙලාද කියලා... එහෙම එකේ මේ කතාව බොරු නෙවෙයි ඇත්ත තමයි...
මොකද නැත්තේ දොස්තර මහත්තයෝ..? ඔය හැම තැනින්ම ලෙඩ්ඩු හමුවෙනවා කියලා පත්තරේ නිව්ස්වලට දාන්නේ.. ඒවා එතකොට බොරුද? හැමෝම හැංගෙන්න හදන්නේ ඡන්දේ නිසාද? දැන් රටම විනාශයි නේද? මුලු රට පුරාම කොරෝනා රෝගීන්.. ඡන්දෙ තියාගන්නකෝ මිනිස්සු ගැන නොහිතා...
සත්‍යය එලෙසින්ම කීම කළයුතුයි. එවිට අනික් මිනිස්සු පරිස්සම් වෙනවා වගේම රෝගයට බය වෙනවා.. මොනරාගල, හබරාදුව, ඇහැලියගොඩ, රත්නපුරය, රාජාංගණය, පොලොන්නරුව වැනි විවිධ ප්‍රදේශවලින් රෝගීන් හමුදාවේ ඇති බව මාධ්‍ය වාර්තා කරයි..
මේ පත්තරේම තියෙනවා රටේ ප්‍රදේශ ගණනාවක රෝගීන් හා ආශ්‍රිතයන් හමුවූනා කියලා. ඉතින් ඊට වැඩිය මොනවද කියන්නෙ? දේශපාලකයන්ට ඕන විදියට නැටවෙන රූකඩ උනාම තනතුරේ ගරුත්වයත් විනාසයි.
හිනා යනවා මේවට.
රාගම පුද්ගලික රෝහලක් වහලා. එතකොට එතනින් ආසාධනය වූන අය ඉන්න බැරිද? මිනිස්සුන්ට බොරු කියලා මොනවද මෙයාලා බලාපොරොත්තු වෙන්නෙ?