(කේෂර ගුණතිලක)
කොවිඩ් 19 වසංගතය පැතිරීයාම වැළැක්වීමේ අරමුණෙන් වැල්ලවාය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන සතිපොළවල් අද (30) සිට තාවකාලිකව වසාදැමීමට වැල්ලවාය ප්‍රාදේශීය සභාව තීරණය කැර ඇත.
සතිපොළ වලට ජනතාව ඒකරාශි වන බැවින් සහ විවිධ ප්‍රදේශවලින් ජනතාව පැමිණීම නිසා යම් හෙයකින් කොරෝනා රෝගී ආසාදිතයින් පැමිණියහොත් එය වැළැක්වීම සඳහා සතිපොළවල් මෙසේ වසා දැමූ බව වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඩී හරමානිස් මහතා පැවසීය.
සිකුරාදා පැවැත්වෙන වැල්ලවාය සතිපොළ,ඉරිදා පැවැත්වෙන කුඩාඔය සතිපොළ,සඳුදා පැවැත්වෙන කුඩාඔය සතිපොළ,බ්‍රහස්පතින්දා පැවැත්වෙන ඇතිලිවැව සතිපොළ,සඳුදා පැවැත්වෙන බලහරුව සතිපොළ මෙලෙස තාවකාලිකව වසාදමා තිබේ. සතිපොළවල් පැවැත්වෙන දිනයන් ඉදිරියේදී මහජනතාව වෙත දැනුම්දෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd