IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වැල්ලවාය සතිපොළවල් වසා දමයි

(කේෂර ගුණතිලක)
 
කොවිඩ් 19 වසංගතය පැතිරීයාම වැළැක්වීමේ අරමුණෙන් වැල්ලවාය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වන සතිපොළවල් අද  (30) සිට තාවකාලිකව වසාදැමීමට වැල්ලවාය ප්‍රාදේශීය සභාව තීරණය කැර ඇත.
 
සතිපොළ වලට ජනතාව ඒකරාශි වන බැවින් සහ විවිධ ප්‍රදේශවලින් ජනතාව පැමිණීම නිසා යම් හෙයකින් කොරෝනා රෝගී ආසාදිතයින් පැමිණියහොත් එය වැළැක්වීම සඳහා සතිපොළවල් මෙසේ වසා දැමූ බව වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඩී හරමානිස් මහතා පැවසීය.
 
සිකුරාදා පැවැත්වෙන වැල්ලවාය සතිපොළ,ඉරිදා පැවැත්වෙන කුඩාඔය සතිපොළ,සඳුදා පැවැත්වෙන කුඩාඔය සතිපොළ,බ්‍රහස්පතින්දා පැවැත්වෙන ඇතිලිවැව සතිපොළ,සඳුදා පැවැත්වෙන බලහරුව සතිපොළ මෙලෙස තාවකාලිකව වසාදමා තිබේ. සතිපොළවල් පැවැත්වෙන දිනයන් ඉදිරියේදී මහජනතාව වෙත දැනුම්දෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

වැල්ලවාය සතිපොළවල් වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site