
(රවී ලියනගේ)
වැලිගම ගල්බොක්ක සහ අලුත් වීදිය අද (09) දින සිට හුදකලා ප්‍රදේශ බවට පත් කළේ යැයි දකුණු පළාත් ආණ්ඩුකාර අචාර්ය විලී ගමගේ මහතා පැවසීය.
ඊයේ (08) දින කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ වලින් මෙම ප්‍රදේශ දෙකේ පුද්ගලයන් 18 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වීම මෙම ප්‍රදේශ හුදකලා කිරීම හේතු වී තිබේ.
වැඩිහිටියන් පහළොස් දෙනෙකු සහ ළමුන් තුන් දෙනෙකු මෙසේ කොවිඩ්-19 අසාදිත වී ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු යොදා ඇති බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS