IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


විදේශයන්හිදී ලංකාවේ 40ක් කොරෝනා වැළඳී මරුට

(විනීතා එම් ගමගේ)
 
රැකියා සඳහා විදේශගත වූවන් 40 දෙනෙකු ලොව විවිධ රටවල දී  කෝවිඞ්-19 වයිරසය වැළඳී මියගොස් ඇතැයි වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය. මේ වනවිට 1800 කට අධික පිරිසකට එම වයිරසය වැළඳි ඇතැයි ද සභාපතිවරයා කීය.
 
කුවේට් හිදී 7 දෙනෙකු, සෞදි අරාබියේ දී 15 දෙනෙකු, ඩුබායි හිදී 9 දෙනෙකු, ඕමානයේ දී හා කටාර් හි දී දෙදෙනා බැගින් හා ලෙබනනයේ දී එක් අයෙකු වශයෙන් මිය ගොස් ඇතැයි රත්වත්තේ මහතා පැවැසීය. මේ පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු වන බව ද ඔහු කියා සිටියේය.
 
මිය ගිය කිසිවෙකුගේ මෘත ශරීර මෙරටට ගෙන්වා නොගත් අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරෝධායන නීතීන්ට අනුව ඒ ඒ රටවල දී සිදුකළ බව ද රත්වත්තේ මහතා පැවැසීය.
 
සාමාන්‍යයෙන් විදේශයක දී විගමණික ශ්‍රමිකයෙකු මියගිය අවස්ථාවක දේහය මෙරටට ගෙන්වාගැනීමෙන් පසු අවසන් කටයුතු කිරීම සඳහා කාර්යංශයේ සුභසාධක අරමුදලින් ලබා දෙන රුපියල් 30,000 ක ආධාරය මෙසේ කොරෝනා රෝගයෙන් මිය ගිය අයගේ පවුල්වලටත් ලබා දීමට කාර්යංශය තීරණය කළ බව ද ඔහු කියා සිටියේය.
 
ඒ සමගම එම පවුල්වලට තවත් රුපියල් දස දහසක් ලබාදෙන බවත් ඔවුන් වෙනුවෙන් රක්ෂණයෙන් මුදල් ගෙවන තුරු සහනයක් ලෙස මෙම ආධාරය ලබා දෙන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය. 
විදේශ ගත වන ශ්‍රී ලාංකිකයන් ආවරණය කරන මෙම රක්ෂනාවරණයෙන් 2020 මාර්තු 16 ට පෙර විදේශ ගතවූ මියගිය පුද්ගලයින් වෙනුවෙන් රුපියල් පන් ලක්ෂයක රක්ෂාවරණයක් ද 2020 මාර්තු 16 න්  පසුව විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ හයක් ද ගෙවනු ලබන බවත් ඒවා ලබා දීමට තවත් මාසයක් පමණ කල් ගත වන බැවින් මෙසේ සුභ සාධක අරමුදලින් මුදල් ගෙවීමට කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වූ අවස්ථාවේ තීරණය කළ බවත් ඔහු කියා සිටියේය.
 
එම රක්ෂණයෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මරණ සහතිකය ඇතුළු ලියකියවිලි ඉදිරිපත් කළ යුතු යැයි ද එසේ අයදුම්පත් ඉදිරිපත් කර ඇත්තේ මෙම හතලිස් දෙනාගෙන් දහදෙනෙකු  පමණක් යැයි ද සභාපතිවරයා කීය.
 
කමල් රත්වත්තේ මහතා මේ අදහස් පල කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අද (16) පැවති ගිවිසුම් අස්සන් කිරීමක දී මාධ්‍යයට කරුණු දක්වමිනි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය අතර සහන රක්ෂණය පිළිබඳ ගිවිසුම අස්සන් කිරීම එහි දී සිදුවිය.



අදහස් (7)

විදේශයන්හිදී ලංකාවේ 40ක් කොරෝනා වැළඳී මරුට

de silva Thursday, 16 July 2020 09:00 AM

මේ මිනිසුන්ගේ ජීවිත දැනට මාස 2-3කට කලින් ලංකාවට ගෙනැල්ලා වහලා තිබෙන පාසලක හරි දමලා, බත් සමග පොල්සම්බෝල හරි දීලා නිරෝධායනය කළා නම් බේරාගන්න තිබුණා.

:       101       467

පූජාThursday, 16 July 2020 09:24 AM

සිල්වා මහත්මයා මම නිතරම මේ පිටුවෙන් දකිනවා. ඔබ මේ අහිංසක පුරවැසියන් වෙනුවෙන් හඬක් නඟන බව.. මේ මියගිය සහෝදර පිරිස ගැන මටත් විශාල වේදනාවක් හිතට දැනෙනවා.

:       19       114

පූජාThursday, 16 July 2020 09:24 AM

සිල්වා, මහත්මයා මම නිතරම මේ පිටුවෙන් දකිනවා, ඔබ මේ අහිංසක පුරවැසියන් වෙනුවෙන් හඬක් නඟන බව.. මේ මියගිය සහෝදර පිරිස ගැන මටත් විශාල වේදනාවක් හිතට දැනෙනවා.

:       2       22

pathirana Thursday, 16 July 2020 09:11 AM

මේ මරණවලට විදේශ ශ්‍රමිකයෝ ලංකාවට ගෙන්න ගන්න, නොගන්න ඔක්කොම වගකිව යුතුයි.

:       65       159

de silva Thursday, 16 July 2020 09:15 AM

මැදපෙරදිග ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට පිටුපාන්න එපා. එහෙ ඔවුන් ජීවත්වන අනාථ කඳවුරු තුළ ලෙඩරෝග පැතිරීම ඉතා වැඩිය.

:       0       38

kkp Thursday, 16 July 2020 11:24 AM

පිටරට අසරණ වෙලා ඉන්න මිනිස්සු ටිකත් ගෙන්නගන්නකෝ දැන්... ජනරැළි තියලා විතරක් මදි. කාලකන්නි.. බලපුවාම පේනවා මේවා බලන මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමීද කියලා...

:       3       109

සමිත Thursday, 16 July 2020 12:55 PM

බලයේ ඉන්න අය විපක්ෂයේ උන්නා නම් බලන්න තිබුණා මළමිනී විකුණාගෙන ඡන්දෙ හිඟාකන හැටි. ඕනකමක් තිබුණා නම් මේ ශ්‍රමිකයින් ලංකාවට ගෙන්න ගන්න තිබුණා. වගකීමක් ඇති අයම වගකීම් පැහැරහරිමින් වැඩකරනවා නම් සාමාන්‍ය ජනතාවට කාගේ පිහිටක්ද...?

:       1       138

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1677 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1410 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 501 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site