
(හර්ෂණ තුෂාර සිල්වා)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වන විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ‘කොවිඩ්-19’ වයිරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිතයකු ලෙස පත් කර ඇත.
ලොවපුරා පැතිර යන කොවිඩ්-19 වයිරසයට ගෝලීයව ප්‍රතිචාර දැක්වීමේ අරමුණින් ලොව විවිධ ප්‍රදේශ සම්බන්ධ කරගනිමින් උපායමාර්ගික උපදෙස් ලබාදීමත් ඉහළ පෙළේ දේශපාලනික සාකච්ඡා යනාදිය සඳහාත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් මහතා පසුගිය වසරේ දෙසැම්බර් 21 වැනිදා හයදෙනකුගෙන් සමන්විත විශේෂ නියෝජිතයන් පිරිසක් පත් කළේය.
එම පිරිස අලුත් කරමින් ඊට විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ඇතුළත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් මහතා පියවර ගෙන ඇත.
ඔහු මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් ද නිකුත් කර ඇත.
විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ සෞඛ්‍ය පද්ධති සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත. හෙතෙම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයකු ද වේ.
විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ජිනීවා, සදර්න් කැලිෆෝනියා සහ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලෙන් පශ්චාත් උපාධි අධ්‍යාපනය සහ පුහුණුව ද ලබා ඇත.
COMMENTS
හදවතින්ම සුබපැතුම් එක්කරමි ඔබතුමාට... !
අපට මොනතරම් ආඩම්බරයක්ද? හදවතින්ම සුබපතමි...
ඒවුණාට අපි අහන්නේ අපේ ගල් බොරළු විශේෂඥයින් කියන ඒවා තමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන ඒවා අපි පිළිගන්නේ නැහැ. ඒකනේ අපි ආදාහනය කරන්නේ මළමිනී.
ආයිමත් පත් කරන්න දෙයක් නැහැ. දශක ගණනාවක් මේකෙම පැළපදියම් වෙලාම තමයි හිටියේ....
බොහොමයක් උගතුන්ට පාවාදී තිබුණාට ලංකාවට කළ දෙයක් නම් නැත.
එතුමන්ට සුබපැතුම්..! අපේ උගතුන් අපට අගේ නැහැ. ඒකනේ සේනා මර්ධනයටත් අපේ රටේ විශේෂඥ දැනුමැති උගතුන් සිටිද්දී පිටින් ගේන්නේ...
මේ උසස්වීම ගන්න මෙතුමා හදපු පැණිය මොකක්ද?
ලෝකෙට උපදෙස් දෙන කට්ටිය නම් අපේ අඩුවක් නැහැ. රටේ හැටියට වැඩ කරගන්න කෙනෙක් තමයි හොයාගන්න බැරි.
මෙයා කියන දේවත් අපේ වැඩ බැරි ටාසන් අහයිද දන්නේ නැහැ. නැත්තම් එය අහන්නේ පැණි කාරයින්ගේ, මුට්ටිකාරයන්ගේ කතානේ.. විශේෂඥ වෛද්‍යවරුන්ගේ කතා වැඩ බැරි ටාසන්ට පෙන්නන්න බැහැ.