ඇමරිකාවේ උතුරු දිග ඉන්දියනා පොලිස් ප්‍රදේශයේ කළු ජාතික වෛද්‍යවරියක් කොරෝනා වැළදීම හේතුවෙන් මියගොස් ඇත.
මියයෑමට පෙර ඇය පවසා ඇත්තේ කළු ජාතිකයකු වීම හේතුවෙන් අවශ්‍ය ප්‍රතිකාර නොලැබුණ බවයි.
සුසාන් මූරි නම් 52 හැවිරිදි මෙම වෛද්‍යවරිය ප්‍රාදේශීය රෝහලකදී මියගොස් තිබේ.
මුලින් ප්‍රතිකාර ලැබූ ඉන්දියනා විශ්ව විද්‍යාල රෝහලේදී නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණ බවට ඇය චෝදනා කර ඇත. ඇය පවසා ඇත්තේ රෝහලේ වෛද්‍යවරුන් අදාල වෛද්‍ය පරීක්ෂණ පවා සිදුනොකළ බවයි. ඇයට අවශ්‍ය ඖෂධ ලබා නොදුන් බවද පපුවේ ස්කෑන් පරීක්ෂණයක් ඉල්ලා සිටිය ද එය සිදුනොකළ බවද ඇය පවසා තිබිණි. එක් අවස්ථාවක රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය නිවසට යායුතු බවයි.
රෝහලේ ගිලන් සයනයේ සිට නිකුත් කළ වීඩියෝවකට පෙනී සිටිමින් වෛද්‍ය සුසාන් පවසා ඇත්තේ වෛද්‍යධාර සඳහා ඇයට ආයාචනා කිරීමට සිදුවූ බවයි. “කළු ජාතිකයන් මරා දමන්නේ මේ ආකාරයටයි” යනුවෙන් ඇය එහිදී පවසා තිබිණි.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
ඔය තමයි ධනපති උගත්කම...
එහෙ කළු ජාතිකයින් මරා දානවා වගේ අපේ රටේ තමන්ගේම අය මරා දාන්නේ පාදෙණියලාගේ ජාතියේ අය ඕනෑතරම් ඉන්නවා තමන්ගේ වරප්‍රසාද රැකගන්න.
කතාවෙන් නම් මහා ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් අකුරටම කරන රටක්. ඉතින් ඇයි අපිත් ඔය විදිහට ජීවිතයට වටිනාකමක් නොදෙන සුළුජාතීන්ට නොසලකන්නේ?
දැන් බලමු කවුද ඒ අයට බනින්නේ කියලා....?
ජනාධිපතිවරණය ඉවරයි නේද? තාම අළුත් ජනාධිපතිතුමා වැඩ භාර ගත්තෙ නැද්ද? තාමත් අපේ ට්‍රම්ප් ජනාධිපතිතුමා තමා එහෙනම් ධුරයේ ඉන්නෙ. ඒකනේ මේ ප්‍රශ්නෙ? අපේ එජාසං මානව හිමිකම් කොමසාරිස්තුමිය ගනු කඩුව, එනු සටනට, මේ ඔබේ වාරයයි.
මෙ කට්ටිය නේද අපිට .. මානව හිමිකම් ගැන බණ දේශනා කොට එයින් නොනැවතී අපිට සම්බාධක පවා පැනවිය යුතු බවට යෝජනා කරන්නේ... ලෝකෙට පරකාසේ... ගෙදරට මරගාතේ....
අපේ රටෙ එහෙම නැහැ .... මුස්ලිම්, දෙමළ ජාතික දොස්තරවරු අපිට හොදින් සලකනවා. අපි කලු වුණත් තියෙන්නේ සුදු ජාතික මානසිකත්වය නිසා වෙන්න ඇති...
කණගාටුදායක පුවතක් ... එහෙව් රටෙ මිනිස්සු ජාතීන් අතර සමගිය උගන්නන එක ගැන කණගාටුයි.
ඉතින් මෙහෙම ඇමෙරිකානුවෝ තමයි අපට විරුද්ධව මානව අයිතිවාසිකම් චෝදනා නගන්නේ...
සුද්දන්ගේ හැම රටකම කලු ජාතික වන අපිටත් මේ ටිකම තමයි සිදුවෙමින් තියෙන්නේ.
අපේ රටේ මෙහෙම සුදු කලු භේදයක් නොමැත. තිබෙන්නේ දේශප්‍රේමී ලේබල් ගසාගෙන මහදවාලේ රටේ මහජනතාවගේ රීරි මාංශය සූරාකන හොර රැළකුත්, දුක්විඳිමින් ඔවුන්ට දරදිය අදින ජනතාවකුත් පමණි.