
ලන්ඩන් අගනුවරින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙන බවත් තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් එනුවර පුරපති සදීක් ඛාන් පවසා ඇත.
ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ලිපියක් ද යවා ඇති අතර දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන් සැලකිල්ලට ගැනීමේදී අගනුවර කෙරෙන ‘කොවිඩ්-19’ ආසාදිතයන් හඳුනාගන්නා පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කරන්නැයි ද ඉල්ලීමක් කර ඇත.
ඉදිරියේදී ලන්ඩන් නගරයට සීමා පනවන්නේ නම් එයින් බලපෑමට ලක්වන ව්‍යාපාර සඳහා සහන සැලසීම සහන වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන්නැයි නගරාධිපතිවරයා සිය මගින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.
ලන්ඩන් නුවරින් වාර්තා වන වයිරස ආසාදිතයන් සැලකිල්ලට ගනිමින් දැනට පනවා තිබෙන දෙවැනි මට්ටමේ සීමා තෙවැනි මට්ටම දක්වා ඉහළ නංවන්නේ නම් එයින් ව්‍යවසනකාරී ආර්ථික බලපෑමක් සිදුවනු ඇතැයි ද සිය දහස් ගණනකට ඔවුන්ගේ ජීවනෝපාය අහිමි වනු ඇතැයි ද ලන්ඩන් නගරාධිපතිවරයා සිය ලිපියෙන් අනතුරු අඟවා ඇත.
එංගලන්තයට පනවා ඇති සියලූම සීමා සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනිදා නැවත විමසීමක් කිරීමට ද ආණ්ඩුව සූදානමින් සිටියි.
රොයිටර්/ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 18
266
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලන්ඩන් නුවර තත්ත්වය නරක අතට
vikum Monday, 14 December 2020 04:34 PM
හරියට නිවුස් එක තියෙන්නේ ලංකාවේ තත්වය බොහෝම අති උත්කර්ශවත් තත්වයක තියෙනවා වාගේ, නිවුස් එක ලන්ඩන් කියලා නෙවෙයි එන්ඩ ඔනි, පකිස් ලන්තයේ තත්වය දරැණුයි කියලා....