IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ලිදුල නගර සභාපති ලේකම් ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට

(රංජිත් රාජපක්ෂ)                                                                       
 
තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා , ලේකම්වරයා , එම නගර සභාවේ සේවකයින් 10 දෙනෙකු සහ ප්‍රාදේශිය මාධ්‍යවේදින් දෙදෙනෙකු (22) දින ස්වයං නිරෝධානයට යොමු කළ බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි එම්.ගනේෂ් මහතා පැවසිය.

කොවිඩ් 19 වයිරසය අසාදනය වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම නගර සභාවේ ඉකුත් 19 දින පැවති දේශපාලන රැස්විමකට සහභාගි විම නිසා එම සභාපතිවරයාගේ ළගම ආශ්‍රිතයන් මෙසේ ස්වයං නිරෝධානයට යොමු කල බවත් , ස්වයං නිරෝධානයට යොමු කල පිරිසගේ පි.සි.ආර් පරික්ෂණ වාර්තාවක් ඉදිරියේදි ලබා ගන්නා බව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේය.

මේ අතර කොවිඩ් 19 වයිසරය අසාදනය වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඉකුත් 17 දින මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පැවති දේශපාලන ප්‍රභුවරයෙකු සහභාගි වු රැස්විමකටද සහභාගි වි ඇති අතර , එම රැස්විමට සහභාගි වු නුවරඑලිය , කොටගල , අඹගමුව , නොර්වුඩ් , මස්කෙලිය යන ප්‍රාදේශිය සභාවල සභාපතිවරුන් සහ  තලවකැලේ ලිදුල , හැටන් දික්ඔය යන නගර සභාවල සභාපතිවරුන් ද ඔහුන් පදිංචි ප්‍රදේශවල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරින් විසින් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ස්වයං නිරෝධානයට යොමු කර ඇති ප්‍රාදේශිය සභා සහ නගර සභා සභාපතිවරුන් අවස්තා දෙකකදි ළගම ආශ්‍රිතයන් වි ඇත.

එම පිරිසට අමතරව අමාත්‍යය සි.බි.රත්නායක , රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් , නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වරුන් වන මරුදපාණ්ඩි රමේෂ්වරන් , නිමල් පියතිස්ස , නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා යන මහතුන්ද ඔහුන් පදිංචි බල ප්‍රදේශයේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරින් විසින් ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කර ඇත.



අදහස් (0)

ලිදුල නගර සභාපති ලේකම් ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 818 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 938 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site