(ප්‍රසන්න පත්මසිරි)
ලුණුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් පස් දෙනකුට කොවිඩ් රෝගය වැළදි ඇති බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
පසුගිය දින කිහිපයේදි සිදු කළ පී.සී.ආර් පරීක්ෂණවලින් රෝගීන් හදුනාගෙන තිබේන අතර නිලධාරීන් විශාල පිරිසක් නිරෝධානයට ලක් කර තිබෙන බවද සෞඛ්‍ය අංශ කියයි.
මේ දින වලදි ලුණුගල ප්‍රදේශයෙන් විශාල වශයෙන් කොරෝනා ආසාධිත රෝගීන් හමුවන බවත් මේ වන තෙක් ප්‍රදේශයෙන් රෝගීන් 267ක්වාර්තාවී තිබෙන බවත් ඔවුන්ගෙන් වැඩි පිරිසක්සුවය ලබා තිබෙන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.
හොප්ටන් ප්‍රදේශයේ එකම වතු නිවසකින් රෝගීන් 11 දෙනකු හදුනාගත් බවත් වතුගම්මානයම නිරෝධානයට ලක්කර පී.සී.ආර් සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd