
රොමානියාවේ කොරෝනා වයිරස රෝගීන්ට ප්‍රථිකාර කරන රෝහලක ඇතිවූ ගින්නකින් 10 දෙනකු පමණ මියගොස් තවත් කිහිපදෙනකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ඊසාන දිග පියත්‍රා නියම්ට් නගරයේ පිහිටි රජයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ගින්න හටගෙන තිබේ.
රෝගීන් බේරාගැනීමට උත්සාහ කළ එක් වෛද්‍යවරයෙකු ද ගින්නෙන් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පැවසේ.
තුවාලලත් වෛද්‍යවරයා හමුදා ගුවන් යානයකින් බුකාරෙස්ට් අගනුවර රෝහලකට ගෙනගොස් ඇත.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය නෙලූ ටාටාරු පවසයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ රෝහලේ ප්‍රථිකාර ලබන අනෙකුත් කොවිඩ් රෝගීන් ඉයාසි නගරයේ රෝහලකට මාරුකර යැවූ බවයි.
යුරෝපීය රටක් වන රොමානියාවෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් 350,000ක් පමණ වාර්තාවී ඇති අතර මරණ 8,813ක් සිදුවී තිබේ.
දැඩි සත්කාර ඒකක වල රෝගීන් 1,149ක් පමණ ප්‍රතිකාර ලබයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
51
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
717
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රොමානියාවේ කොරෝනා රෝහලක ගින්නකින් 10ක් මරුට