IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රත්නපුර රෝහලේ වාට්ටු 3 ක් වසා 101 ක් නිරෝධායනයේ

(අජිත්ලාල් ශාන්තඋදය )

රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළු හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුට කෝවිඞ් ආසාදිත බව තහවුරුවීමෙන් වාට්ටු තුකක් වසා ඇති අතර පළමු පෙළ ආශ්‍රිත කාර්ය මණ්ඩලය සාමාජිකයන් ඇතුලු 101 දෙනෙක් නිරෝධායනයට ලක්කර ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ රොද්‍රිගු මහතා අද (06) පැවසීය.


මේ හේතුව නිසා කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීමෙන් රත්නපුර මහ රෝහලේ 24, 25 වාට්ටු සහ 6 වාට්ටුවේ කොටසක් වසා දමා ඇති බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා කීවේය.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිසාපති කාර්යාලයේ දී 06දා පැවති මාධ්‍ය හමුවකදී රෝහල් අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසීය.

එක් වෛද්‍යවරයෙක්, හෙද කාර්ය මණ්ලයේ හතර දෙනෙක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නව දෙනෙකුට මෙසේ කෝවිඞ් ආසාදිත බව තහවුරු වීමෙන් පසු ඔවුන් පල්ලෙකැලේ, ඇඹිලිපිටිය සහ කහවත්ත යන ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ගන්නා බව ද පැවසීය.

මෙම පහළොස් දෙනාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 101දෙනෙක් මේවනවිට නිරෝධායනයට ලක්කර ඇති බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා පැවසුවේය.

ඔවුන්ගෙන් 60දෙනෙක් සිය නිවෙස්වලද, 41දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලද නිරෝධායනයට ලක්කර ඇතිබවත් වෛද්‍ය අනෝජ රොද්‍රිගු මහතා සඳහන් කළේය.

 නිරෝධායනයට ලක්කර ඇති පිරිස අතර රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් ද වෙයි.

මේ තත්ත්වය නිසා රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ට තම සායනයෙන් නිකුත් කරන වෛද්‍ය නිරීක්‍ෂණ සහ බෙහෙත් නියම කරන පොත රැගෙන ගොස් ආසන්නම පළාත් රෝහලකින් අවශ්‍ය ඖෂධ තාවකාලිකව ලබාගන්නැයි ඉල්ලීමක් ද කළේය.

දැනට විවෘත කර ඇති වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් බැලීම සඳහා නොපැමිණ සිටිය හැකි නම් එය වෛරසයේ පැතිරයාම වැලැක්වීමට විශාල පිටිවහලක් වනු ඇතැයිද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.



අදහස් (0)

රත්නපුර රෝහලේ වාට්ටු 3 ක් වසා 101 ක් නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 573 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site