(අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර ප්‍රධාන බස්නැවතුම්පළ ආසන්න ප්‍රදේශයේ සිදුකළ අහඹු පීසීආර් පරීක්වලින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 20ක්  වාර්තාවීම හේතුවෙන් බස්නැවතුම්පළ පරිශ්‍රයේ සියලු කඩසාප්පු නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගත්බව රත්නපුර මහ නගරසභාවේ නගරාධිපති ටිරෝන් හිරන්ත අත්තනායක මහතා සහ නගරසභා සෞඛ්‍ය අංශය පවසයි.
 
ඉකුත් සති අගදි එම ප්‍රදේශයේ පුද්ගලයන් 60කගේ පමණ අහඹු පීසීආර් පරීක්ෂණයට ලක් කළ අතර ආසාදිත රෝගීන් 20 හදුනාගත් බවත්,මෙම රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කඩසාප්පු වසාදැමීම සිදුකළ බවත්  රත්නපුර මහනගරසභාවේ සෞඛ්‍ය අංශය පවසයි.
 
රත්නපුර ප්‍රධාන බස්නැවතුම්පළ පරිශ්‍රය හා ඒ ආසන්න කඩසාප්පු, හෝටල්, ආපනශාලා වසා දමා තිබුණද, බස්නැවතුම්පළින් බස්රථ ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් බස්නැවතුම්පළ ස්ථානභාර නිලධාරී විජිත විජේසිරි මහතා පැවසීය.