
ජාතික ව්‍යසනයක් සිදුවීමට පෙර රටට අගුළු දැමිය යුතු යැයි ඉතාලියේ සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
“දැන්මම රට අගුළු දමන්න” යැයි ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය වෝල්ටර් රිචාඩි ද අවධාරණය කළේය.
නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන යුද කාලයේ වාර්තා වූ මරණ ගණනට සමාන වෙමින් තිබෙන බවත් “ජාතික ව්‍යසනයක්” සිදු වීමට පෙර රටට අගුළු දැමිය යුතු බවත් මහාචාර්ය රිචාඩි පැවැසීය.
“අපි ඉන්නේ යුද කාලයක. මිනිස්සු ඒක තේරුම් ගන්නේ නැහැ. එහෙත් අවසන් වරට මේ ආකාරයෙන් මරණ වාර්තා වෙද්දි අපේ නගරයට ඉහළින් ගුවන් යානා යමින් බෝම්බ හෙළුවා. ඒ යුද කාලයේ” යැයි ‘එල්.ඒ.7’ රූපවාහිනි සේවයට අදහස් දක්වමින් මහාචාර්ය රිචාඩි කීය.
ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක වන මහාචාර්ය වෝල්ටර් රිචාඩි මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයෙකි.
නත්තල් සමයේදී සහ නව අවුරුදු උත්සව සමයේදී දැඩි සීමා පැනවීම කෙරෙහිත් ප්‍රධාන නගරවලට සංචරණ සීමා පැනවීම කෙරෙහිත් සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පැරන්සාගේ අවධානය යොමු වී ඇතැයි ද මහාචාර්ය රිචාඩි කීය.
මේ අතර දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වසරක් ඇතුළත වැඩිම මරණ ගණනක් සිදු වූ වසර මෙය වනු ඇතැයි ඉතාලියේ ජාතික සංඛ්‍යා දත්ත ආයතනය සඳහන් කර ඇත.
(රොයිටර්)
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ අපගේ දෙවැනි මව්බිමට සිදුවූ මේ ඛේදවාචකය කුමක්ද? ශ්‍රී ලංකාවට මෙන්ම ඉතාලියටත් බුදුසරණයි.