(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් ආසාදනයවූ දරුවන් 200දෙනෙකු පමණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැනට ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජේ. විජේසූරිය මහතා ලංකාදීපයට පැවැසීය.
ඉන් සිවු දෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් දරුවන්ගේ තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බවත් කොවිඩ් ආසාදිත දරුවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා තවත් වාට්ටුවක් අද (26) වෙන් කෙරුණු බවත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
මෙසේ වෙන් කර ඇත්තේ රෝහලේ 8 වෙනි වාට්ටුවයි.
කොවිඩ් රෝගීන් සඳහා ළමා රෝහලේ මේ දක්වා වෙන්කර ඇති වාට්ටු සංඛ්‍යාව හයකි.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන අතරේ සෙසු රෝගී රෝගී ළමයින්ටද ප්‍රතිකාර උපරිමයෙන් ලබා දෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා එන්න කලින් ඔය හොස්පිටල් එකේ සෙම රෝග තියෙන ළමයි කියියක් හිටියද.?
මීඩියා ඉස්සරහ රඟනොපා රෝහලේ පරිපාලනය ගැන බලා ගත්ත නම් හොඳයි නේද මහත්තයෝ.. හැම රෝහලකම රෝගීන් වැඩිවෙලා තමයි. හැබැයි කවුරුත් ඒකට වැඩකරනවා මිසක් ඔහොම කියව කියව ඉන්නෙ නෑ....