(ඉන්දිකා රාමනායක)
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 09 ක බිළිදෙක්ට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ ජේ විජේසුරිය මහතා පැවසීය.
මෙම බිළිදා ඊයේ (8) පස්වරුවේ රිජ්වේ ආර්යා ළමා රෝහලින් අයි ඩී එච් රෝහල වෙත මාරුකර යැවූ බවද රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.
මෙම බිළිදා ඉකුත් (7) වැනි දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත රැගෙන විත් ඇති ඇති අතර එහිදී දරුවාගේ රෝගී ලක්ෂණ අනුව කාර්ය මණ්ඩලය බිළිඳා රෝගීන්ගෙන් වෙනම ස්ථානයක රඳවාගෙන ප්‍රතිකාර ලබා දී පී සී ආර් පරීක්ෂණවක් සිදු කළ බව අධ්‍යක්ෂවරයා පැවසීය.
පී සී ආර් පරීක්ෂණ අනුව මෙම බිළිඳා කොරෝනා ආසාදිතයකු වශයෙන් හඳුනාගත් බවත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවා අයි ඩී එච් රෝහල වෙත මාරුකර යැවූ බවද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණින් සුවවේවා... මගේ රටත් ඉක්මණින්ම මේ වසංගතයෙන් ගැලවේවා..!!!
ඉක්මණින්ම සුවපත්වේවා...!
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
මේ දරු පැටියාට ඉක්මන් සුවය ලැබේවා...!!! අපගේ මව්බිමට යහපතක්ම වේවා...!!!
අනේ මේ අසරණ දරුවත්, මෙම රෝගය වැළඳී ඇති අනෙකුත් අයත් සුවපත් වේවා. නිරෝගී වේවා.!