(රංජිත් රාජපක්ෂ)

මස්කෙලිය නගරයේදි අහඹු ලෙස සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකින් අසාදිතයන් 17 දෙනකු හදුනාගත් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පවසයි.

මස්කෙලිය නගරයට පිවිසි පුද්ගලයන්ගෙන් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය සිදු කල බවත්, එහිදි මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන මස්කෙලිය, නල්ලතන්නිය, අප්කට් යන ප්‍රදේශවලින් අසාදිතයන් 14 දෙනකු , දිඹුල පතන සහ බදුල්ල ප්‍රදේශයන්වලින් නගරයට පැමිණ සිටි අසාදිතයන් තිදෙනකුද ඒ අතර සිටින බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියා සිටිති.