(රොමේෂ් මධුෂංක)
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝණා ආසාදිතයන් 266 ක් දක්වා වර්ධනය වී ඇති බවට මුලතිව් සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
පුදුකුඩිඉරිප්පු ඇඟලුම් කර්මාන්ත ශාලාවේ දහසකට අධික සේවක පිරිසක් සේවය කරන අතර පසුගියදා එහි සේවකයින් කිහිප දෙනෙකුට ඇතිවූ ආසාද්‍ය තත්වයන් හේතුවෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයන් වලදී සේවකයින් 131 දෙනෙකුට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.
පසුව සෙසු සියලුම සේවකයින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කර වීමට පියවර ගෙන ඇති අතර මේ වන විට ලැබී ඇති පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවලට අනුව ආසාදිතයින් 266ක් හඳුනාගෙන ඇති බවටත් තවත් පී.සී.ආර්. පරික්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත බැවින් ආසාදිත ප්‍රමාණය ඉහල යා හැකි බවටද සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කර්මාන්තශාලාවේ නම නොකියන්නේ ඇයි?.