(ජේ.ඒ.එල් ජයසිංහ)
කොවිඩ් වයිරසය ආසාදිත වූ පොලිස් නිලධාරින් වාර්තා වීමත් සමඟ මහනුවර නගරයේ පිහිටි මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ අංශ කිහිපයක කාර්ය මණ්ඩල නිරෝධායනය සඳහා යොමු කිරීමට මහනුවර පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවැසීය.
ඉවත් කරන ලද එම කාර්ය මණ්ඩලය වෙනුවට වෙනත් නිලධාරින් යෙදවීමටද පියවර ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.
නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ අංශ කීපයක සේවාවන් පවත්වාගෙන යාම සඳහා මහනුවර පොලිස් මූලස්ථානයෙන් අමතර පොලිස් නිලධාරීන් යොදවා සිවිල් කාර්ය මණ්ඩලයද ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
COMMENTS