IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මොණරාගල දෙදෙනකුට කොරෝනා

(නයනජිව බන්ඩාර)
 
මොණරාගල දිස්ත්‍රික්කයේ කොරෝනා වැළදී ඇතැයි සැකකළ පුද්ගලයන් පස්දෙනෙකු සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණ වලදි ඉන් දෙදෙනෙකුට කොරෝනා වැළදී ඇති බවට අද (13) තහවුරු වූ බව මොණරාගල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක පි.පි.කේ අධිකාරි මහතා පැවසිය.
 
ඒ මහතා තවදුරටත් පවසන්නේ පි.සි.ආර් පරික්ෂණ සදහා යොමුකළ ඉතිරි තිදෙනාගෙන් එක් අයෙකුට කොරෝනා වැළදී නැති බවට අනාවරණය වූ නමුත් ඉතිරි දෙදනාගේ පරික්ෂණ වාර්තා මෙතෙක් නොලැබුණු බවයි.
 
මෙම කොරෝනා රෝගය වැළදී ඇති බවට සැකකළ රෝගින්ගේ ජෛව පටල සාම්පල වෛද්‍ය පරික්ෂණ සදහා යොමුකර ඇත්තේ ඉකුත් 10 වැනිදාය.
 
කොරෝනා රෝගය වැළදුණු පුද්ගලයන් දෙදෙනා සියඹලාණ්ඩුව විලඔය හා බුත්තල උනාවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
 
ඔවුන් දෙදෙනාම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ ආරක්ෂක අංශ නිළධාරින් බවත් සෞඛ්‍ය අංශ පවසයි.
 
මේ අනුව කොරෝනා රෝගින් සෘජුව ඇසුරු කළ පුද්ගලයන් 8දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානය වෙතත් තවත් පුද්ගලයින් 60 දෙදෙනකු පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරිමට මොණරාගල සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ.



අදහස් (0)

මොණරාගල දෙදෙනකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site