
(ඩබ්ලිව්.කීර්ති)
මීගමුව පෙරියමුල්ලේ දුම්රිය ගේට්ටුව ආසන්නයේ සුපිරි අවන්හලක සේවකයින් 10 දෙනකුගන් අට දෙනකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මීගවුව මහනගර සභා සෞඛ්‍ය අංශ කියයි.
මෙහි සේවකයකුට තදින් උණ වැළඳීම නිසා රෝහලට අතුළත් කිරීමෙන් පසු සිදු කළ පරික්ෂණයේදී ඔහුට කොරෝනා රෝගහ වැළඳී ඇති බවට තහවුරුවී ඇත.
අනතුරුව සෙසු සේවකයන් පිරිස රැෆිඩ් ඇන්ටිජන් පරික්ෂණයට ලක් කර ඇති අතර එහිදී තවත් සේවකයන් හත් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
අප්‍රේල් 7 වැනි දා සිට මෙම අවන්හලට පැමිණි පිරිසක තම සෞඛ්‍ය කෙරෙහි සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පේනවා නේද අවුරුදු කාලේ සංවර නොවී වැඩ කරපු එකේ වරද